ඉන්දීය බලපෑම වරාය සභාපති පිළිගෙන !

ඉන්දීය බලපෑම වරාය සභාපති පිළිගෙන !

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු ආරම්භ කිරීමට නොහැකිව ඇත්තේ ඉන්දීය බලපෑම් නිසා බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක පවසයි.

වරාය අධිකාරියේ වෘත්තිය සමිති සමග ඊයේ (ජුලි 16) දහවල් පැවැති සාකච්ඡාවේදී ඔහු එබව සඳහන් කර තිබේ.

එම නිසා තමන්ට පර්යන්තයේ කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට තව කාලයක් ලබාදෙන ලෙස වරාය සභාපතිවරයා එම වෘත්තිය සමිති වලින් ඉල්ලා ඇතත් ඔවුන් කිසිවකු ඊට එකඟ වී නොමැත.

එහිදී වෘත්තීය සමිති නායකයින් අවධාරණය කර ඇත්තේ, තමන්ට ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලික අංශය වෙත පැවරීම සඳහා රජයන් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත්, ඒ සඳහා සැකසුනු රහස් ගිවිසුම් පිළිබඳ හෙළිදරව් කිරීමට සමස්ත ලංකා වරාය පොදුසේවක සමිති විසින් අද පෙරවරුවේ මරදාන CSR ආයතනයේ මාධ්‍ය හමුවක් කැඳවා ඇති බව එහි ප්‍රධාන ලේකම්, චන්ද්‍රසිරි මහගමගේ පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න