PHI නිලධාරීන් කොරෝනා මර්දන මෙහෙයුමෙන් ඉවත් වෙයි !

PHI නිලධාරීන් කොරෝනා මර්දන මෙහෙයුමෙන් ඉවත් වෙයි !
කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් අද (17) දහවල් 12.30 සිට ඉවත්වීමට  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
 
එම සංගමයේ සභාපති, එම්.ජී.යු.රෝහණ විසින් මේ සම්බන්ධව  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ලේකම්වරයා වෙත  ලිඛිතව යොමු කර ඇත.
 
නීතිමය රැකවරණය රහිතව රාජකාරී කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමින් එම සංගමය මෙම තීරණය ගත් බව එම නිවේදනයේ  අවධාරණය කර ඇත.
 
සංගමයේ විධායක සභාව විසින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
 
හෙට (18) දිනයේ දී පැවැත්වෙන දිස්ත්‍රික් නියෝජිත හමුවේ දී මේ සම්බන්ධයෙන් සමාලෝචනය කර ඉදිරි තීරණ දැනුම් දෙන බව ද සභාපතිවරයා දක්වයි.

107748145 598943737491544 5115364767282915716 n 400x754

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න