දිලුම් අමුණුගමගේ කල මැර ප්‍රහාරයට පොහොට්ටුවෙන් ම විරෝධයක් !

දිලුම් අමුණුගමගේ කල මැර ප්‍රහාරයට පොහොට්ටුවෙන් ම විරෝධයක් !
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) මහනුවර දිස්ත්‍රීක් අපේක්ෂක, හිටපු නියෝජ්‍ය ඇමති දිලුම් අමුණුගමගේ ගේ ආධාරකරුවන් පිරිසක් විසින් එම පක්ෂයේම ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුට හා එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසකට ඊයේ (ජුලි 16) දින සිදුකළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පැමිණිලි කර තිබේ.
 
''ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා ට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දැකීම සම්බන්ධවයි'' යන ශීර්ෂයෙන් යුතුව ජනාධිපතිවරයාට එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, එම ප්‍රදේශයේ 'පොහොට්ටු' මන්ත්‍රීවරුන් 16 දෙනෙකු විසිනි.
 
තුවාල ලැබූ මන්ත්‍රී 
IMG 20200716 WA0001
 
 උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හේන්දෙණිය කොට්ඨාශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් විජේසේකරට ඊයේ දින (ජුලි 16)  පස්වරු 4.00ට පමණ සඟබෝගම මංසන්ධියේ දී මහනුවර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම විසින් ප්‍රදේශ වාසී ජනතාව ඉදිරියේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුමාට පරුෂ වචනයෙන් බැණ වැදී, බිම පෙරළා පහරදීම දැඩි පිළිකුලෙන් හෙළා දකින එම මන්ත්‍රී කණ්ඩායම, ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළ කර සිටින බව එම ලිපිය මගින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
 
එහි පිටපත් 'පොහොට්ටු' පක්ෂයේ නායක අගමැති මහින්ද රාජපක්ෂට මෙන්ම, එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ වෙත ද දැනුම් දී තිබේ.
 
අදාළ ලිපිය 

IMG 20200717 WA0002

 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න