මාධ්‍ය සංවිධාන බලා සිටින්නේ ලබ්බට තැබු අත පුහුලටත් තබන තුරු ද ?

මාධ්‍ය සංවිධාන බලා සිටින්නේ ලබ්බට තැබු අත පුහුලටත් තබන තුරු ද ?

ඡායාරූප මාධ්‍යවේදී අකිල රන්දුන් ජයවර්ධන සිද්ධියේදී මෙරට ජාතික තලයේ මාධ්‍ය සංවිධාන නැතිනම් කොළඹ කේන්ද්‍රීය මාධ්‍ය සංවිධානවල නිද්‍රාශීලිභාවය ප‍්‍රශ්නයකි. ඔවුන් පුරුද්දට මෙන් මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කළා මිසෙක ඊට එරෙහිව දැනෙන යමක් සිදු නොකළහ. අකිලගේ සිදුවීම සුළුපටු යැයි සැළකිය නොහැකිය. මහාධිකරණ භූමියකදී මාධ්‍යකරුවකුව, අපරාධකරුවකු කුදලාගෙන යන්නා සේ පොලිස් නිලධාරියතු විසින් රැගෙන යාම සැහැල්ලූවෙන් සැළකිය යුත්තක්ද ?

මෙකී සිද්ධියේ අනෙක් පාර්ශ්වකරුවා පොලිස්් පරික්ෂක නියෝමාල් රංගජීවය. ඔහු කවරෙක්ද යන්න මාධ්‍යකරුවනුත් මාධ්‍ය සංවිධානත් නොදන්නවා නොවේ. ඔහු සිය බලය පාන්නේ කාගේ බලාධිකාරයක් අතට ගෙනද යන්න මාධ්‍යකරුවන්ට රහසක්ද නොවේ. එවන් පසුබිමක මාධ්‍ය සංවිධාන මාධ්‍ය නිවේදන කර නැවත කටුවට රිංගීම මෙවන් පුද්ගලයින්ට තවත් නොපනත්කම් සිදුකිරීමට පසුබිම සැලසීමකි. අනෙක් අතින් බලන කල මාධ්‍ය සංවිධානවල දුබලකම හා පසුබෑම ප‍්‍රදර්ශනය කරවන්නකි.

මෙම සිද්ධියට එරෙහිව මඩකලපුවේ මාධ්‍යකරුවෝ විරෝධතාවක් පැවැත්වුහ. එයින් පෙනෙනුයේ දැන් දැන් කොළඹ කේන්ද්‍රීය මාධ්‍යකරුවන්ට වඩා ප‍්‍රාදේශීයව සිටින මාධ්‍යකරුවන් සිය සගයකුට සිදුවු අසාධාරණය වෙනුවෙන් ඍජුව පෙනී සිටින බවය.

එළඹීමට නියමිතව ඇත්තේ සොඳුරු සමයක් නොවන බව කාහටත් පැහැදිලිය. ලබ්බට තිබු අත පුහුලටත් තබනු නොඅනුමානය. මාධ්‍ය සංවිධාන බලා සිටින්නේ ඒ සමය පැමිණෙන තුරුද ?

නිමල් අබේසිංහ 

(රාවය )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න