ලංකාවේ රාජ්‍ය ආයතන : දූෂණ වංචා අංශයෙන් පොලිසිය මුල් තැන !

ලංකාවේ රාජ්‍ය ආයතන : දූෂණ වංචා අංශයෙන් පොලිසිය මුල් තැන !

රාජ්‍ය සේවයේ දුෂිතම ආයතන අතරින් මුල් තැනට පොලිසිය පත්ව සිටී.

ඒ අසලින්ම සිටින්නේ පාර්ලිමේන්තුව ඇතුළු ජාතික හා ප්‍රාදේශීය රාජ්‍ය පාලන අධිකාරීන්ය.

ශ්‍රී ලංකාවේ ආයතනගත දුෂණ වංචා පිළිබඳව කරන ලද අලුත්ම අධ්‍යයනයකින් හෙළිදරව් වන පරිදි සමස්ත රාජ්‍ය සේවයේ දුෂණ වංචා වලින් හරි අඩකටම වග කිව යුත්තේ පොලිසියයි.

දිවයිනේ වඩාත් කැපී පෙනෙන දුෂණ වංචා සිදුවන්නේ රාජ්‍ය අංශය තුලය.

“පොලිසියේ, පළාත් පාලනයේ, සහ නියාමකයන්ගේ රැකියා වලට සැලකිය යුතු බලයක් සහ අධිකාරයක් හිමිවේ,” යි  ඊට හේතු දක්වන වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

“වඩාත් පැතිර පවතින, වඩාත් පැමිණිලි කරනු ලබන සහ වඩාත් විනාශකාරී දූෂණ වංචා සිදුවන්නේ පොලිසිය හා රජයේ නිලධාරීන් අතිනි.”

පෙළඹවීමකින් තොරවම දුෂණයට පත් ආයතනය ලෙස වෙරිටේ රිසර්ච් විසින් සමීක්ෂණයට යොදාගන්නා ලද අය අතරින් සියයට පනහක්ම නම් කොට ඇත්තේ පොලිසියයි, ඊළඟට පාර්ලිමේන්තුවයි.

corruption by Lanka

කෙසේවෙතත්, මහජනතාව පොළඹවා දුෂණ වංචාවේ යෙදීම අතින් ඉහලින්ම සිටින්නේ පළාත් ආණ්ඩුය. දෙවැනි තැන ගන්නේ ආණ්ඩුවේ අධිකාරීන්ය.

සමීක්ෂණයට සහභාගී වූ 18%ක මතය අනුව ශ්‍රී ලංකාවේ අධිකරණ හා නීති පද්ධතියත් දුෂිතය.

safdsසමීක්ෂණ වාර්තාව එළිදක්වන අවස්තාව

 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න