මැතිවරණයට අදාළ සෞඛ්‍ය ගැසට් පත්‍රයේ තියෙන්නේ මොනවාද ?

මැතිවරණයට අදාළ සෞඛ්‍ය ගැසට් පත්‍රයේ තියෙන්නේ මොනවාද ?

මහ මැතිවරණ සමයේ අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (17) රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිකුත් කර තිබේ.

ඒ අනුව මැතිවරණ රැස්වීමක් ආරම්භ කිරීමට පැය 24කට පෙර අදාළ බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත රැස්වීම සංවිධාන කරනු ලබන පුද්ගලයින් විසින් ලිඛිත දැනුම්දීමක් කළ යුතු ය.

පක්ෂයක නායකයා හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා ඊට පැමිණෙන්නේ නම් ඒ සඳහා සහභාගී විය යුතු පුද්ගලයින් සංඛ්‍යාව 500 නොඉක්මවිය යුතු ය.

සංවිධායකවරයා විසින් රැස්වීමට පැමිණෙන සෑම පුද්ගලයකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ ඔවුන් සම්බන්ධ කරගත හැකි කරුණු ඇතුළත් වාර්තාවක් සකස් කළ යුතු ය.

කිසියම් පුද්ගලයකු මයික්‍රපෝනය ඇතුළු උපකරණ භාවිතා කිරීමෙන් අනතුරුව එම උපකරණ විෂබීජහරණය කළ යුතු ය.

කථිකයා ඇතුළු මැතිවරණ රැස්වීමට සහභාගී වන සියලු දෙනා අතර මීටරයකට පරතයක් පවත්වා ගත යුතු අතර පැමිණෙන සෑම පුද්ගලයකුම මුව ආවරණයක් පැළඳ සිටිය යුතු ය.

ඡන්දය ඉල්ලීම සඳහා හෝ අත්පත්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය බෙදා හැරීමට (කැන්වසින්) පැමිණෙන කණ්ඩායමක සිටිය යුතු පුද්ගලයින් වන්නේ සංඛ්‍යාව 5කට වැඩි නොවිය යුතු ය.

සෑම ඡන්ද අපේක්ෂකයෙකුම ඡන්ද කාර්යාලයට හා එහි පරිශ්‍රයට පැමිණෙන සෑම පුද්ගලයකුටම සබන් හෝ විජබීජනාශක යොදා දෑත් සේදීමට පහසුකම් සැලසිය යුතු අතර ඒ සඳහා පැමිණෙන පුද්ගලයින් පරිශ්‍රයට පිවිසීමට පෙර දෑත් සෝදනු ඇති බවට වග බලා ගත යුතු ය.

කිසිදු ඡන්ද අපේක්ෂකයින්ගේ කාර්යාලයට හෝ පරිශ්‍රයට මධ්‍යසාරයක් රැගෙන නොයායුතු අතර එහිදී මධ්‍යසාර පරිභෝජනය නොකළ යුතු ය.

අපේක්ෂක කාර්යාලයක හෝ පරිශ්‍රයක සූදු ක්‍රීඩා හෝ හැකියාව උරගා බැලීමේ ක්‍රීඩා නොපැවැත්විය යුතු ය.

එම අති විශේෂ ගැසට් නිවේදනය මගින් සෑම අපේක්ෂකයෙකුටම සංවිධායකවරයෙකු මෙන්ම ඊට සහභාගීවන්නන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනයට කිරීම ප්‍රකාශයට පත් කර තිබේ.

covid gessat 681px

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න