කන්දකාඩුවේ දෙපිරිසක් මරාගෙන !

කන්දකාඩුවේ දෙපිරිසක් මරාගෙන !

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එහි ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් තුවාල ලබා ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

ඊට අනූව සිදුවීමෙන්   තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා අද (22) අලුයම වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත්කර තිබේ.

 දෙපිරිස අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් දෙපිරිස අතර මෙම ගැටුම ඇතිව ඇති බව මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති අතර කන්දකාඩු සහ සේනපුර පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගෙන් දෙපිරිසක් අතර මේ ගැටුම ඇතිවී ඇත.

සිද්ධිය සැලවීමත් සමග එම විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආරක්ෂාව භාරව සිටින යුධ හමුදා නිලධාරීන් මැදිහත්වී සිද්ධිය සමථයකට පත් කොට තිබෙන බවත් වාර්තා වෙයි.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින මෙම පිරිස් ඇතැම් අවස්ථාවලදී පාලනය කිරීමට අපහසු ආකාරයෙන් හැසිරෙන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න