නැගෙනහිර පර්යන්තය : වරාය විරෝධතා යළිත් !

නැගෙනහිර පර්යන්තය : වරාය විරෝධතා යළිත් !

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය මගින් ආරම්භ කරන්නැයි බල කරමින් වාරා සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ අනාවරණය කරයි.

ඒ අනුව ඊයේ (21) සිට වරාය තුළ කළු සතියක් නම් කළ බවත් අද (22) දහවල් 12.00 ට වරාය චෛත්‍යය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මෙම විරෝධතා සඳහා වරායේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ වී සිටින බවත් නැගෙනහිර පර්යන්තය මෙහෙයුම් කටයුතු වරාය අධිකාරියේ පරිපාලනය යටතේ ආරම්භ කරන බවට පරිපාලනය විසින් සහතික කරන තුරු මෙවර විරෝධතා අඛණ්ඩව කරගෙන යන බවද ඔහු සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න