චීත්ත ඇඳපු ඉරාජ් බිකිනිය ඇඳීම කල්දායි !

චීත්ත ඇඳපු ඉරාජ් බිකිනිය ඇඳීම කල්දායි !

කුප්‍රකට සමාජ මාධ්‍ය ව්‍යාපාරිකයකු වන ඉරාජ් වීරරත්න විසින් මෙවර මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කරනු ලැබූ නවතම ගීතය එළිදැක්වීම කල්දමා ඇත. 

අදාළ ගීතය එලිදල්වීමට තිබුනේ ඊයේ (21) ය. 

ඒ සම්බන්ධව ඉරාජ් විසින් පූර්ව ප්‍රචාරණ  කටයුතුද සිදුකර තිබිණ.

නමුත් වීඩියෝව නිකුත් නොකරමින් ඉරාජ් සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබිණ.

"ගල්කිස්සේ වැලි , කරුනා , බුරියානි කතාව , බුවනෙකබාහු රාජ සභාව ඩෝසර් කිරීමේ සිද්ධිය සහ තවත් රටේ ආන්දෝලනාත්මක සිදුවීම් වලට ජනතාවගෙන් ඇතිවූ දැඩි විරෝධය නිසා 3% Music Video එක මේ වෙලාවේ Release කරන්න සුදුසු නැහැ කියලා තීරනය කරා ? අපරාදේ මේ පාර ගවුමක් නොවේ බිකිනියක් ඇන්දේ ?
මොනවා වුනත් රට සිංගප්පූරුවක් කරන්න JVP එක තමයි මේ රටේ එකම විකල්පය.
වෙන එකක් තව මාසයකින් දෙන්නම්...
ස්තූතිය 3% Audio Track එක Trending ගෙනාපු හැමෝටම ?
#3% #2030"

Screen Shot 2020 07 22 at 8.40.31 AM

ජවිපෙ කලා සන්ධානය  !

මේ අතර ජවිපෙ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වුයේ ඉරාජ් ගේ මෙම වීඩියෝව එළිදැක්වූයේ නම්, ඒ සමගම එයට පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් මෙවර මැතිවරණයේදී උපරිම වාසියක් ලබාගැනීමට එම පක්ෂයේ කලා සන්ධානයේ තරුණ තරුණියන් පුර්ව සුදානමකින් සිට ඇති බවයි.

ජවිපෙ නායකයින් මිට ඉහත දී ඉරාජ් වීරරත්න විවේචනයට ලක් කරමින් සිටී නමුත්, එම පක්ෂයට හිතවත් බාහිර පාර්ශවයන් විසින් පෙන්වා දී ඇත්තේ, ඉරාජ් ගේ විවේචනය මෙවර මහ මැතිවරණයේදී ජවිපෙ වෙත ආකර්ෂණය නොවූ තරුණ කොටස් වෙත ළඟාවීමේ අවස්ථාවක් ලෙස යොදා ගැනීම වැදගත් බවයි.

3f16

ජායාරූප අන්තර්ජාලයෙනි 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න