එජාපයේ මාතර ආසන සංවිධායක ධූරය උපුල් නිශාන්තට !

එජාපයේ මාතර ආසන සංවිධායක ධූරය උපුල් නිශාන්තට !

එක්සත් ජාතික පක්ෂයේ මාතර ආසනයේ සංවිධායක ලෙස උපුල් නිශාන්ත සුභාවික්‍රම පත්කර ඇත.

එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාල පත්වීමේ ලිපිය 'සිරිකොත' එජාප මුලස්ථානයේදී ඊයේ (ජුලි 21) ලබාදී ඇත.

ඔහුව එම තනතුරට පත්කර ඇත්තේ, එම තනතුරේ කටයුතු කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිවරණ දේශපාලනයෙන් ඉවත්වීම නිසා ඇතිවූ පුරප්පාඩුව සඳහාය.

මාතර රාහුල විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන උපුල් නිශාන්ත සුභාවික්‍රම, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයෙන් දේශපාලනයට එක්වූවෙකි.

මාතර මහා නගර සභාවේ හිටපු සාර්ථකම නගරාධිපතිවරයකු වන ඔහුගේ පාලන කාලයේ තුල දී එම නගර සභාව දෙවරක් ශ්‍රී ලංකාවේ හොඳම නගර සභාව ලෙස සම්මානයට පාත්‍රවිය.

පලාත් පාලන ක්ෂේත්‍රයේ වසර 25 ක පලපුරැද්දක් සහිත ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය නගරාධිපති සමුලුවේ ආසියා පැසිපික් කලාපයේ අධ්‍යක්ෂකවරයාව ද සිටියේය. එසේම, UCLG ලෝක පලාත් පාලන සංසදයේ  අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කලේය.

තමන්දැරූ  ශ්‍රීලංනිප මාතර සංවිධායක ධූරයෙන් හා නගරාධිපති ධුරය අත්හරිමින් එජාපයට 2011දී මොහු එජාපයට එක්වුයේ, රාජපක්ෂ පාලනයේ දූෂණ වලට එරෙහිවෙමිනි.

උපුල් නිශාන්ත මාතර මහා නගර සභාවේ වත්මන් විපක්ෂ නායක වරයාය.

හිටපු අමාත්‍ය මංගල සමරවීර සමග ඉතාමත් සමීපව දේශපාලනය කල ඔහු ඇමතිවරයාගේ මාතර කාර්ය මණ්ඩල ප්‍රධානී හා සංවර්ධන කටයුතු බාරව කටයුතු කලේය.

UNP Matara

44877084 1761906313920973 6592323389707255808 o

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න