විමල්ගේ බිරිඳ අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් !

විමල්ගේ බිරිඳ අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් !

අමාත්‍ය විමල් වීරවංශ ගේ බිරිඳ වන  ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (21) වරෙන්තු නිකුත් කර ඇත.

ඒ ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවට භාර දී අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාලව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙනි.

අද මෙම නඩුව විභාගයට නියමිතව තිබු අතර ඇය අසනීප තත්ත්වයකින් පසුවන නිසා අධිකරණය හමුවේ පෙනී නොසිටින බව ඇයගේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි.

කෙසේවෙතත් අසනීප බවට කිසිදු ලේඛනයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් ඇයට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න