Language Switcher

V2025

හිරු ජඩමාධ්‍ය සීමාව ඉක්මවා යයි : හිටපු අගමැතිව අනාරක්ෂිත කිරීමේ උත්සාහයක් !

ඊයේ (20 ) මෙරට ප්‍රධාන ධාරවේ විද්‍යුත් නාලිකාවක් වන හිරු හී "සලකුණ" කාලීන දේශපාලන වැඩසටහනට එක්වූ හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරීන් මැදිරියෙන් ඉවත් කිරීමට බලපෑම් කරමින්  හිරු නාලිකාවේ කිහිපදෙනකු සිදුකළ නින්දිත ක්‍රියාවක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අදාළ සිදුවීම මෙසේය.
 
 හිටපු අග්‍රාමාත්‍යවරයා සජීවී  වැඩසටහන සඳහා එක්ව සිටින අවස්ථාවේ ඔහුගේ නිල ආරක්ෂක කටයුතු භාර නිලධාරියා නියමිත ලෙස අදාළ මැදිරියේ රැඳී සිට ඇත. ඒ ඔහුට නියමිත නිල ඇඳුම් ද  සහිතවය.
 
ඒ අවස්ථාවේ මැදිරියේ පිරිසක් එම ආරක්ෂක නිලධාරියාට එම ස්ථානයෙන් ඉවත්ව එළියට යන ලෙස දන්වා ඇත.
 
එහිදී අදාළ නිලධාරියා පවසා ඇත්තේ තමන් රාජකාරියේ සිටින බැවින් කිසිසේත් හිටපු අග්‍රාමාත්‍යවරයා  මැදිරියේ තනිව තබා පිටතට යාමට නොහැකි බවය. 
 
එම අවස්ථාවේ හිරු කාර්‍ය මණ්ඩලයේ ප්‍රධානීන් මෙන් හැසිරුණු කිහිපදෙනකු නිලධාරියාට ස්ථානයෙන් ඉවත් වන ලෙසත් නැත්නම් ප්‍රශ්නයක් විය හැකි බවත් පවසා ඇති බවත් වාර්තා වෙයි.
 
 එහෙත් කාර්‍ය මණ්ඩල කිහිපදෙනා අමතා ඇති ආරක්ෂක නිලධාරියා දැනුම්දී ඇත්තේ තමන් කුමන ප්‍රශ්නයක් ඇති වූවත් අදාළ ස්ථානයෙන් ඉවත් නොවන බවත් මෙය තමන්ට රජය පවරා ඇති රාජකාරිය බවය.
 
හිරු ජාතික ආරක්ෂාවට උඩින්  : එතකොට සිරස !
 
සාමාන්‍යයෙන් ජනාධිපති , අගමැති පමණක් නොව හිටපු අගමැති , ජනාධිපති ධූරය දරන්නෙකු සම්බන්ධව ප්‍රභූ ආරක්ෂක වැඩපිළිවෙළක් ඇත. ඊයේ (20) හිරු නාලිකාවේ සලකුණ වැඩසටහන අවස්ථාවේ ද  අදාළ නිලධාරීන් රාජකාරි කරමින් සිට ඇඇත්තේ නියමිත ආකාරයට ය.
 
එසේම ඊට පෙර මේ ආකාරයට හිටපු අග්‍රාමාත්‍යවරයා සිරස රූපවාහිනිය සමගත් මෙවැනි දේශපාලන වැඩසටහනක් සඳහා සහභාගීව ඇති අතර එහිදී මෙවැනි තත්ත්වයක් මතුව නැත.
 
මොළ නොමේරු නිවේදකයන් !
 
ඒ අනූව හිරු නාලිකාවේ පිරිස වෙනත් න්‍යාය පත්‍රයක සිට මේ කටයුත්ත සිදුකර ඇති බවට පැහැදිලි සැකසංකා මතුව තිබේ.
 
ප්‍රතිපත්ති ප්‍රකාශය වෙනුවට වැල් වටාරම් ප්‍රශ්න අසමින් අදාළ වැඩසටහන මෙහෙයවූ නිවේදකයන් කාලය කා දැමුණු බවක් පෙනෙන්නට තිබිණ.
 
එහිදී මඩ අවලාද වෙනුවෙන් වෙලාව ගෙවනු වෙනුවට ප්‍රතිපත්ති ප්‍රකාශනය, ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව ඕනෑම කරුණක් විමසන ලෙසත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම ඉල්ලා සිටි නමුත් ඔවුන්ගේ උත්සාහය ව තිබුණේ කෙසේ හෝ හිටපු අග්‍රාමාත්‍යවරයා කොටු කිරීමටය .
එහෙත් ඒ කිසිදු උත්සාහයක් සාර්ථකවූයේ නැත.
කෙසේ වුවත් අග්‍රාමාත්‍යවරයා තමන් ඇතළු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට මිනිත්තු කිහිපයක් ඉඩ ලබාදීම ගැන ස්තූතිය දක්වමින් ය.