අලුත් අවුරුදු නැකත් සීට්ටුව රාජ්‍ය අනුග්‍රහයෙන් සංස්කෘතික අමාත්‍යාංශය විසින් මෙතෙක් ජනතාවට ලබා නොදුන් පරිසරයක් තුළ ඉකුත් 12 දින සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ප්‍රධානත්වයෙන් විධායක සාමාජිකයින් රැස්වි තීන්දුවක් ගත්තා.
එහිදී ගත් තීරණය සර්වජන බලය උප සභාපති ආචාර්ය චන්න ජයසුමන විශේෂ මාධ්‍ය හමුවක් තබමින් එදිනම කියා සිටියේ ''අපි දවස් දෙකක් ආණ්ඩුවට දෙනවා. නැකත් සීට්ටුව ජනතාවට ලබාදෙන්න එසේ නොමැති නම් සර්වජන බලය මැදිහත්වී ප්‍රවීණ ජෝතිෂවේදීන් සමග එක්වී සකස් කළ සුභ නැකැත් සීට්ටුවක් ජනතාවට ලබා දෙනවා යනුවෙනුයි.
අද 14 වන දිනට දින දෙක ගෙවී අවසන් හෙයින් ජනතාවට වූ පොරොන්දු ඉටුකරමින් සර්වජන බලයේ නායකත්වය සහ විධායක සභාව මැදගොඩ අභයතිස්ස නාහිමියන් ගෙන් නමස්කාර පූර්වකව කළ විශේෂ ඉල්ලීමකට අනුව අද (14) පෙරවරුවේ පැපිලියාන සුනෙත්‍රා මහා දේවී පිරිවන් විද්‍යායතනයේ දී ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් එක්ව අලුත් අවුරුදු නැකත් සීට්ටුවක් සකස් කර ජනතාවට ලබාදීමට කටයුතු කළේ ය. එය "සර්වජන ලිත" ලෙස ඉදිරි දින කිහිපයේ දී ජනතාව අතට පත්වීමට නියමිතයි.
හර්ෂ දේව - සර්වජන බලය මාධ්‍ය සම්බන්ධීකාරක


