GOMA තනිවෙයි : PHI වෘත්තීය සටනට සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක සහය !

GOMA තනිවෙයි : PHI  වෘත්තීය සටනට සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක සහය !

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිතිය විසින් දියත්කර ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගයට තවත් වෘත්තීය සංගම් 18 ක් සහය පල කර ඇත.

එසේම  සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමය ද අයත්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සදහන් කළේ ගැටළුව විසදීමට මේ දක්වා කිසිදු සාධනීය ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

ඉකුත් ජූලි මස 17 වන දින දහවල් 12.30 සිට කොරෝනා පාලනයට අදාළ සියලූ‍ රාජකාරිවලින් ඉවත්වීමට ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කළ අතර ඒ, නීතිමය රැකවරණය රහිතව රාජකාරි කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමින්.

එහිදී ඔවුන් විසින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය හරහා තමන්ට එල්ල කරන පීඩනයද විවේචනය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න