රටපුරා අලි රැල්ල නංවන්න : රවී අහසින් යයි !

රටපුරා  අලි රැල්ල නංවන්න : රවී අහසින් යයි !

එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එම පක්ෂයේ උප නායක රවී කරුණානායක  විශේෂ එජාප දිරි ගැන්වීමේ  වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය   (15) ආරම්භ කර ඇති ඒ වැඩපිළිවෙළ අනූව  දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට යමින් පක්ෂයේ ක්‍රියාකාරී‍න් දිරි ගැන්වීමට පියවර ගනිමින් තිබේ.

 එම දිරි ගැන්වීමේ වැඩසටහන අනුව  ඔහු මේ වන විට  කෑගල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මහනුවර දිස්ත්‍රික්කවල සංචාරය කර ඇති බවත් වාර්තා වෙයි.

මේ  සඳහා ඔහු සහභාගි වූයේ ගුවන් යානයකින් වීම විශේෂත්වයකි. 

ඉදිරියේදී මේ වැඩපිළිවෙළ තුළ එජාප  උප නායක රවී කරුණානායක , බදුල්ල, අම්පාර මොණරාගල සහ හම්බන්තොට ඇතුළු අනෙක්  දිස්ත්‍රික්කවල ක්‍රියාකාරීන් හමු වීමට නියමිත බවත් දැනගන්නට ඇත.

අභියෝග පැමිණෙන තරමට එජාපය ජයග්‍රහණය කරා !

මේ විශේෂ වැඩපිළිවෙලට ඇතුළත් ජන හමුවක් පසුගියදා නුවරඑළිය හැටන් නගරයේ පැවැත්වූ අතර එහිදී එජාප උප නායක රවී කරුණානායක පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල විපක්ෂයෙන් අභියෝග පැමිණෙන තරමට තම පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාමට හැකි බවය. 

නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන කේ.කේ.පියදාස , එස්.කේසවමුර්ති යන අපෙක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා මේ ජන හමුව සංවිධානය කර තිබිණ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එජාප උප නායක  රවි කරුණානායක  කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ඇති කල තාවකාලික පක්ෂයට අධිකරණය හොද තින්දුවක් ලබා දි ඇති බවයි.

ලබන මස 5 දින පැවැත්වෙන මහ මැතිවරණයෙන් තම පක්ෂයට අභියෝග කරන අයට හොද  විසදුමක් ලබාදෙන බවත් ඔහු පැවසීය.

මැතිවරණයක් ආසන්නයේ තම පක්ෂයට විරුද්ධ මත දරන අය බැදුම්කර සිද්ධිය යලිත් කරලියට ගෙනවිත් මැතිවරණ වේදිකාවල කතා කරන බවත් , බැදුම්කර සිද්ධියට වසර පහක් ගත වි තිබියදි එම සිද්ධියට අදාල අයට එරෙහිව නිතිමය පියවර මෙතෙක් නොගැනිමට එම පිරිස අසමත් බවත් ඔහු පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න