පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ හදිසි අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
වාර්තා වන ආකාරයට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය, විෂය පිළිබඳ විද්වතුන් ඇතුළත් කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේදී ජනාධිපතිවරයා විසින් මේ තීරණය දැනුම්දි තිබේ.
පැවති රනිල්+මෛත්‍රී පාලන සමයේදී මෙන්ම වත්මන් පාලන රාජපක්ෂ පාලන සමයේදීද පුරාවස්තු විනාශ කිරීම සීග්‍රයෙන් සිදුවෙමින් පවතින අතර ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරානික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම රටේ මහත් ආණ්දෝලනාත්මක තත්වක් ඇති කළ අතර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
මෙවන් වටපිටාවක් තුළ හදිසියේම මෙම පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් දේශපාලන ක්ශේත්‍රයේ සහ පුරාවිද්‍යා ක්ශේත්‍රයේ මෙන්ම ජනතාව අතර දැඩි අවධානයක් යොමුව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
