එජාපයේ අනෙක් තනතුරු ගැනත් රනිල්ට යෝජනාවක් !

එජාපයේ අනෙක් තනතුරු ගැනත් රනිල්ට යෝජනාවක් !

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තරුණ නායකයෙකු වෙත භාරදෙන අතර පක්ෂයේ අනෙක් තනතුරු සඳහාද තරුණ නායකයන් වෙත පවරණ ලෙස යෝජනාවක් හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූ එජාප තරුණ නායකයන් පිරිසක් සමග එජාප නායක රනිල් වික්‍රමසිංහ පැවැත්වූ සාකච්ඡාවකදීය.

අදාළ සාකච්ඡාව තුළ වැඩ් අවධානයක් යොමුකර ඇත්තේ පක්ෂ නායකත්වය වෙනස්වීම පමණක් නොව ඒ සමග සමස්ථ පක්ෂ යාන්ත්‍රණය අන්තවාදී නොවන , ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා කැපවූ, පක්ෂ ප්‍රතිපත්ති රකින , විවිධ දූෂණ චෝදනා නැති තරුණ දේශපාලනඥයින් වෙත දෙමින් පක්ෂයේ දැනෙන වෙනසක් සිදුකිරිමට අවශ්‍යය යන්නටය.

එසේම පක්ෂය සඳහා ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයත් පක්ෂයේ පොදු අභිවෘද්ධිය සලකා කරන පත්කිරීමක්  ලෙස සිදුකරන ලෙසත් ඒ හැර ඇතම් පෞද්ගලික ලාභ අපේක්ෂා වෙනුවෙන් එය අඅවභාවිත වීමට ඉඩනොදෙන ලෙසත් තරුණ අපේක්ෂක කණ්ඩායම එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙතින් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න