රතන හිමි විමර්ශනය මඟ හරී : කොඩි පක්ෂය ගැන Colombo Bar Talk අනාවරණයක් ළඟදීම එළියට !

රතන හිමි විමර්ශනය මඟ හරී : කොඩි පක්ෂය ගැන  Colombo Bar Talk අනාවරණයක් ළඟදීම එළියට !

පූජ්‍ය අතුරලියේ රතන හිමි විසින් අපේ ජන බල පක්ෂයේ හිටපු මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමිව පැහැරගත් බවට කළ පැමිණිල්ල කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී ඊයේ (22) විභාගයට ගැණුනි.

පසුව වාර්තා වන ආකාරයට  ඊයේ පස්වරුවේ  අතුරලියේ රතන හිමියන් වැඩවෙසෙන රාජගිරිය සඳහම් සෙවණ විහාරස්ථානයට කොළඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුලු පිරිසක් පැමිණි නමුත් එම අවස්ථාවේදී රතන හිමියන් විහාරස්ථානයේ වැඩ සිට නැත. 

එහිදී  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රතන හිමියන් දුරකතනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ දී, අද (23)දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණීමට උන්වහන්සේ එකඟ වී තිබුණි.

නමුත් අද පෙරවරු 09.00ට පමණ මේ සමබන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වේදිනිගම විමලතිස්ස හිමිගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමි කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණි අතර රතන හිමියන් එම අවස්ථාවට පැමිණ නැත.

කරුණු විමසීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් පිටතට පැමිණි වේදිනිගම විමලතිස්ස හිමිගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් සඳහන් කළේ රතන හිමි විසින් විමර්ශන නිලධාරීයාට දුරකථන ඇමතුමක් ලබා දී පස්වරුවේ ප්‍රකාශයක් ලබා දෙන බව පවසා ඇති බවට දැනගන්නට ලැබුණු බවය.කෙසේ වුවත් අපේ ජන බල පක්ෂය සම්බන්ධව ආන්දෝලනාත්මක අනාවරණයක් colombo bar talk යූ ටියුබ් චැනලය වෙත එහි කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු විසින් සිදුකර ඇති අතර එය ඉදිරි දිනයක ප්‍රසිද්ධ වීමට නියමිත බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න