රාජ සභා මණ්ඩපය කැඩීම : කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් !

රාජ සභා මණ්ඩපය කැඩීම : කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම වලක්වන නියෝගයක් !

කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ලත් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති  තුෂාර සංජීව විතාරණ  ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද  (25) මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝග මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙන බව විනිසුරු මඩුල්ල අවධාරණය කළේය.

එහෙත් මෙම නියෝග තුළින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බව ද විනිසුරු මඩුල්ල අවධාරණය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න