හිටපු ඇමති රවී ඇතුළු පිරිසේ පෙත්සම් සඳහා විරෝධතා දැක්වීමට දින දෙයි !

හිටපු ඇමති රවී ඇතුළු පිරිසේ පෙත්සම් සඳහා විරෝධතා දැක්වීමට දින දෙයි !

හිටපු අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කළ පෙත්සම්වලට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය සැප්තැම්බර් මස 4 වන දා තෙක් ලබා දී තිබේ.

අද  (25) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණය මේ බව දන්වා ඇත2016 වසරේ සිදු කෙරුණු මහ බැංකු බැඳුම්කර නිකුතු දෙකක දී රුපියල් බිලියන 52 කට ආසන්න රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක  ඇතුළු හත් දෙනකු විසින් ගොනුකර තිබෙන පෙත්සම් අද  අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වැඩ බලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා, කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා ඇතුළු පාර්ශ්වවලට සැප්තැම්බර් මස 4 වන දා තෙක් කල් ලබාදීම සිදුකෙරුණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න