කොළඹ නගර සීමාව තුළ කොවිඩ් තත්වය තවදුරටත් අපට පාලනය කළ හැකි මට්ටමක නෑ - PHI සංගමය

කොළඹ නගර සීමාව තුළ කොවිඩ් තත්වය තවදුරටත් අපට පාලනය කළ හැකි මට්ටමක නෑ - PHI සංගමය

කොළඹ මහ නගරසභා සීමාව තුළ කොරෝනා තත්වය තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාලනය කළහැකි මට්ටමක නොපවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල විවෘත කර ඇති රාජ්‍ය හා පෞද්ගලික ආයතන තුළින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වීමේ වැඩි අවධානමක් ඇති බවත්  අදාළ ආයතන තවදුරටත් පවත්වාගෙන යාම හේතුවෙන් එම ප්‍රදේශ තුළ යළිත් අවදානම් තත්ත්වයක් නිර්මාණය වි ඇති බවත් ඔහු පවසයි.

"කොළඹ මහනගර සීමාව තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාලන කළහැකි මට්ටමක ආසාදනය පවතින්නෙ නෑ. මේ වෙද්දි විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙනවා. අපි දැඩි පරිශ්‍රමයක් යොදමින් ඉන්නවා පාලනය කරගැනීම සඳහා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය.

උපුල් රෝහණ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න