ලංකාවට බීබීසී සංදේශය අහිමිවන ලකුණු !

ලංකාවට බීබීසී සංදේශය අහිමිවන ලකුණු !
ශ්‍රී ලංකා ජනතාවගේ අර්බුදකාරී අවස්ථාවන්හිදී නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා සවන් දෙමින් සිටි බීබීසී සිංහල සේවාව නොවැම්බර් මස 30 වන දින සිට හදිසියේම වසා දැමීමට තීරණය කර තිබේ. 
 
සතියකට අසන්නන් 833,000 සවන් දෙන මේ සේවය ලංකාවේ 87-89 භීෂණ සමයේදීත්, සිවිල් යුද සමයේදීත් ජනතාවගේ,  පීඩිතයාගේ, වින්දිතයාගේ සිට තොරතුරු හුවමාරු කිරීමේ සමාජයට විශාල සේවයක් කළේය.
 
 සංදේශය අහිමිවීම ශ්‍රී ලංකා ජනතාවට විශාල පාඩුවකි. 
 
වර්තමානයේදී ද තොරතුරක නිවැරදිභාවය හා සත්‍ය තොරතුරු දැනගැනීමට සංදේශය හා සිංහල වෙබ් පිටුව පරිහරණය කරන විශාල පිරිසක් සිටියි. 
 
එක්සත් රාජධානියේ තිඛෙන ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය (The National Union of Journalists (NUJ)  නම් සංවිධානය විසින් පවසනු ලබන්නේ ලංකාවේ විශාල පිරිසකට මානව හිමිකම් හා මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අර්බුදයක් පවතින අවස්ථාවක මෙලෙස නිදහස් අවකාශයක තිඛෙන බීබීසී සිංහල සේවය නවතාලීම සුදුසු නොවන බවයි. 
 
2020 සැප්තැම්බර් වලදී බීබීසි සේවයේ සැලසුම වූයේ 2021 මාර්තු වන විට ගුවන් විදුලිය වැඩ සටහන් නවතා රැකියාවන් හයකින් සමාජ මාධ්‍යයන් වෙත යොමුවීමටයි. 
 
නමුත් හදිසියේම නොවැම්බර් මස 20 වෙනි දින දන්වා ඇත්තේ ගුවන් විදුලිය වැඩසටහන් නොවැම්බර් මස සිට විකාශනය කිරීම අත්හිටුවන ලෙසයි. 
 
ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා වූ සීමවුස් ඩූලේ මේ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතාවය දක්වා තිඛෙනවා.
 
 ඔහු ඒ ගැන කරුණු දක්වා තිඛෙනවා. 
 
''මෙම අවසන් කිරීම පැමිණෙන්නේ ලංකාවේ දරුණුතම කාලයකයි. බීබීසී ය ඉතා ඉක්මනින් හා බරපතල අයුරින් මෙම යෝජනාව මගින් සංස්ථාවට, එහි මාධ්‍යවේදීන්ට සහ ඔවුන් විසින් තමන්ගේ සේවය ලබා දුන් ප්‍රජාවට විශාල අගතියක් සිදුවේ. එම තීරණය තුළින් බීබීසී සේවයේ ස්ථාවරයන් යටපත් කරන අතර, එම සේවාවේ වටිනාකම අගය නොකිරීම ගැන ද කණගාටුදායකය.
 
බීබීසී ලෝක සේවයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය අත්‍යවශ්‍ය සේවයක් ශ්‍රී  ලංකාවට. 
 
එයින් විශ්වාසදායක දේශීය හා විදේශීය පුවත් ජනතාව වෙත ගෙන ගියා. රජය විසින් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය තහනම් කිරීම සිදුවෙමින් පවතින අතර, එය බීබීසි සැලසුම් සකස් කිරීමේදී සලකා බැලීමක් කර නොමැත. 
 
ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය සමාජිකත්වයට තමන්ගේ තමන්ගේ නිමැවුම අන්තර්ඡාල පහසුකම් නිසි ලෙස නොමැති ප්‍රජාවක් වෙතට නොයාම දකින්නට කැමැත්තක් නැත.
 
බීබීසී සේවයේ සිටිනජ්‍යෙෂ්ඨ නායකත්වයට මෙම තීරණයට මැදහත් වන ලෙසත්, ක්‍රියාත්මක කිරීමට යන නව සැලසුමට විරාමයක් ලෙසත් ඉල්ලා සිටින එම ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය මෙම තීරණය ගෙන තිඛෙන්නේ ශ්‍රී ලංකාවේ හෝ එක්සත් රාජධානියේ සිටින එහි පාර්ශ්වකරුවන් සමග කිසිඳු සංවාදයකින් සාකච්ඡාවකින් තොරව මෙම තීරණයන් ගෙන ඇති බවත් පවසයි. 
 
වර්තමානයේ දී බීබීසී සිංහල සේවය විසින් නිරන්තර විකාශනයන් රටපුරා සහ ඩිජිටල් සේවාවන් විවිධ සමාජ මාධ්‍යයන් ඔස්සේද පවත්වාගෙන යනු ලබයි. 
 
සමාජ හා අන්තජාල සේවාවන් සඳහා ප්‍රවේශ වුවද, මේ වන විටත් ඒවා ග්‍රාහකයන් 80000 පමණක් සීමා වී ඇත. ගුවන් විදුලිය ශ්‍රාවකයන් ප්‍රමාණය හා සැසඳීමේ දී මෙය ඉතා සුළු සංඛ්‍යාවකි. 
 
මෙම ප්‍රතිසංවිධානය සිදුවී තිඛෙන්නේ අත්අඩංගුවට ගැනීම්, හිරිහැර කිරීම්, ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම් වැනි සිදුවීම් ඇතිවිය හැකි පසුබිමකදීයි.
 
 මෙවැනි අපරාධයන්ට දඩුවම් පමුණුවනවා වෙනුවට තවමත් ලංකාව තුළ විනිර්මුක්තිය ක්‍රියාත්මක වෙයි. 
 
ලංකාව සම්බන්ධයෙන් මේවන විට කව්රුත් දන්නා සහ සැලකිලිමත්වන කරුණුවක් වන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති වන ප්‍රහාරයන් සහ මානව හිමිකම් තත්ත්වයත් ඉතාමත් නරක තත්ත්වයකට හැරෙමින් පැවතීමයි. 
 
ශ්‍රී  ලංකාව එක්සත් රාජධානියේ විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයේ 30 ක් වන මානව හිමිකම් ප්‍රමුඛතාවයට පත් රටකි. 
 
බීබීසී ආයතනය මේ සම්බන්ධයෙන් පවසන්නේ ඔවුන් මෙම වෙනස්කම් තුළින් පවුම් 180,000 ඉතිරි කරන බවයි. නමුත් නව දිල්ලියේ ඒ වෙනුවෙන් නව කණ්ඩායමක් ඇති කිරීමට යන වියදම ගැන හෝ ඒ ගැන විස්තාරත්මක පිරිවැයක් සකස් කර නැත. 
 
සේවාව වඩාත් ප්‍රජාවට සමීප කිරීමට යයි පැවසුවත් නවදිල්ලිය කිලොමීටර් 2400 දුරය. එකඳු වචනයක් හෝ කතා කරන සිංහල ප්‍රජාවක් එහි නැත. 
 
දැනටමත් බීබීසි සේවය නව දිල්ලියේ එක් වාර්තාකරුවෙක් සඳහා සැපයුම් සලසා ඇත. නමුත් එම ඇබෑර්තුව පිරවීමට උත්සාහ දැරුව ද තවමත් එය සම්පූර්ණ කිරීමට නොහැකිව සිටියි.  
 
මේ අතර බීබීසි සිංහල සේවය මෙසේ අවසන් කිරීමට දරණ උත්සාහයට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද අදහස් ප්‍රකාශ වී ඇති අතර, ඒ සඳහා තවත් පාර්ලිමේන්තු කණ්ඩායමේ සහයෝගය ද ලැබී ඇත. 
 
නමුත් ශ්‍රී ලංකාව තුළ තවමත් ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුවත්වීමක් නොමැති අතර, ප්‍රමාණවත් විරෝධතාවයක්ද මතු වී නොමැත. 
 
 
 (අන්තර්ජාල තොරතුරු ඇසුරිනි. )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න