සංදේශය ගුවන් විදුලි වැඩ සටහන2020 දෙසැම්බර් 1 වෙනිදා සිට නවතා දැමීමට තීරණය කිරීම, වඩා ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය අවකාශයන් වෙනුවෙන් පෙනී සිට ඇති බීබීසී වැනි මාධ්‍ය ආයතනයක් විසින් නොගත යුතු පියවරක් බව ප්‍රකාශ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කර සිටී.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේ අදහස් පළ කර සිටී.
පැය භාගයක ගුවන් කාලයක් යටතේ පැවැති සංදේශය ගුවන් විදුලි වැඩ සටහන මීට වසර කිහිපයකට පෙර විනාඩි පහක වැඩ සටහනකට සීමා කරන්නට බීබීසී ආයතනය කටයුතු කර තිබුණි.
විනාඩි පහකට සීමා කළ වැඩ සටහන සතියේ දින පහක්, රාත්‍රී 10. 00ට විකාශනය වූයේ සිරස එෆ්එම් ගුවන් විදුලිය ඔස්සේය.
ආරංචි මාර්ගවලට අනුව බීබීසී සිංහල සේවය ඔන්ලයින් මාධ්‍යයක් ලෙස පවත්වා ගෙන යෑමට බීබීසී ආයතනය සැලසුම් කර ඇති අතර, 2017 සමීක්ෂණයකට අනුව ශ්‍රීලංකාවේ ඩිජිටල් සාක්ෂරතාව සියයට 40. 1 කි.
ග්‍රාමීය සහ වතුකර ප්‍රදේශවල එය ඉතාම අඩු අගයක් ගනී. ඔන්ලයින් මාධ්‍යය ජනප්‍රිය වී ඇත්තේ නාගරික කොටස්අ තරය.
ග්‍රාමීය ප්‍රජාවන් අතර සහ වැඩ කරන ජනතාව අතර වඩාත් ජනප්‍රිය මාධ්‍යවන්නේ රූපවාහිනිය සහ ගුවන් විදුලියයි. එවැනි තත්ත්වයක් යටතේ තොරතුරු දැනගැනීමට මෙන්ම, අදහස් ප්‍රකාශ කිරීමට තිබූ එක් කුඩා මාධ්‍ය ආයතනයක් හෝ වැසී යෑම බරපතල ගැටලුවකි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳව ගැටලු රැසක් මතු වී ඇති හා මානව හිමිකම් ගැටලු උග්‍ර වෙමින් පවතින අවස්ථාවක විනාඩි පහක මාධ්‍ය අවස්ථාවක් වුව ජනතාවට අහිමි වීම සුදුසු වන්නේද නැත. වඩා ප්‍රජාතන්ත්‍රවාදී හා මානව හිමිකම් දැක්මකින් යුතුව සංදේශය ගුවන් විදුලි වැඩ සටහන පවත්වාගෙන යෑමට බීබීසී ආයතනයේ අවධානය යොමු වනු ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අපේක්ෂා කරයි.

