Language Switcher

V2025

පෙලොන්නරුවේ දීප උප උයන ඉදිරිපිට උද්ඝෝෂණයක්!

මාදුරඔය, වස්ගමුව, සෝමාවතිය හා ජලගැලුම් නිම්නය අවසන් කරන මාර්ගය ඉදිකිරිම වහා නවතන ලෙස ඉල්ලමින් අද (03) පෙලොන්නරුවේ දීප උප උයන ඉදිරිපිට උද්ඝොෂණයක් පැවැත්විය.

මෙය සංවිධානය කර තිබුනේ හරිත පුරවැසියෝ පරිසර සංවිධානය හා ප්‍රදේශවාසින් විසිනි.

මෙහිදි අදහස් දැක්වු එහි සංවිධායිකා කංචනා වේවැල්පනාව කියා සිටියේ පුලතිසි පුර වනාන්තර වනසමින් ඉදිකරන මාර්ග හා අනිකුත් සංවර්ධනයේ නාමයෙන් කරන විනාශයන් වලක්වන ලෙසයි. එමෙෙන්ම ප්‍රදේශයේ වැවු ජලය රැකෙන්නේ හා ගොවිතැන් බත් සරැවනනෙත් මෙම වනාන්තර විසින් ඇති කල විවිධත්වයෙන් බව ඇය කියා සිටියාය .

මේ අතර මාදුරඔය, වස්ගමුව ,සෝමාවතිය හා ජලගැලුම් නිම්නය අවසන් කරන මාර්ගය ඉදිවීම සදහා මේ තරම් රජය උත්සහ කරන කරුණු ලෙස සොබාදහම අධ්‍යන මධ්‍යස්ථානය පෙන්වාදෙන්නේ 2011.2050 වන තුරු ක්‍රීයාත්මක කරමින් සිටින ජාතික භෞතික සැළස්මේ එන සංචාරක ව්‍යාපෘති වැඩිදියුණු වැඩිදියුණු කිරීම උදෙසා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම අරමුණු කරගෙන මෙම මාර්ගය නිර්මාණය කිරීම හා මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධ වැඩසටහනට අවශ්‍ය මාර්ග පද්ධතිය සකස් කිරීමත්ය .මෙම ව්‍යාපෘතිය සඳහා 2016වසරේ 10. 19 දින චිනයේ CMC සමාගම සමග ගිවිසුමි අත්සන් කර ඇති අතර එහි උප සභාපති වන ලුයු ෂෙන්ග්චෙන් මහතා හා මහවැලි හා පරිසර අමත්‍යංශය අතර ගිවිසුමි ගසා ඇත. ඒ අනුව මෙම ව්‍යාපෟතිව සදහා ම ඇමරිකානු ඩොලර මිලිය,න 475, 000,000,00 වැය ලෙස දක්වා ඇත. ⁣එම නිසා මෙම ව්‍යපෙෘති දෙකටම අදාලව යටිතල පහසුකසි දියුණු කිරිමටත් සංචාරක කර්මාන්තය උදේසාත් මෙම මාර්ගය සැදිම සිදුකරන එමෙන්ම 2021 අය වැයෙන් මෙිවනවිට රැපියල් මිලියන 1000 මෙම සියලි ව්‍යාපෘති සදහා වෙන් කර ඇති බවයි.

පරිසරවේදින් ලෙස මොවුන් ඉල්ලා සිටින්නේ ඉහත වනාන්තර එක්කර අලි කොරිඩොවක් නිර්මාණය කරන ලෙසයි. ඒ වෙනුවට මාර්ග තැනිම , ඇල වේලි ඉදිකිරීම ඇතුලු වෙනත් ක්‍රියා මේ පරිසර පද්ධති තුල කිරිම නිසා එහි අලි ඇතුන්ට මෙන්ම ජෛවවිිධත්වයට විශාල හානියක් පැමිනේ. මෙයින් ලංකාවේ ජනතාවට හො පරිසරයට වෙින යහපතක් නොමැති බවස ඔහුන් පෙන්වා දේ .

128333540 3691735807541683 3995460442382821649 o

128729206 3691737430874854 2445811660713611465 o 1