''බුරවි” සුළි කුණාටුව හේතුවෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පවුල් 3575 කට අයත්පුද්ගලයන් 12252 ක් ආපදා තත්ත්වයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි.
ඒ අනුව, උතුරු පළාතේ මන්නාරම, යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි පවුල් 3554 ක පුද්ගලයන් 12252 ක් ද, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පවුල් 21 ක පුද්ගලයින් 91 ක් ද මෙලෙස බලපෑමට ලක්ව තිබේ.
‘‘බුරවි” සුළි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පුද්ගලියින් 04 දෙනෙකු තුවාල ලබා ඇති අතර, චුන්නාකම් ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇතැයි වර්තා වේ.
මන්නාරම දිස්ත්‍රික්කයේ නිවාස 06 ක්ල යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 152 ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ නිවාස 09 ක් මුලතිව් දිස්ත්‍රික්කයේ නිවාස 01 ක් හා වව්නියාව දිස්ත්‍රික්කයේ නිවාස 05 ක් වශයෙන් උතුරු පළාත තුළ නිවාස 173 කට අර්ධ හානි සිදුවී ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 15 කට පූර්ණ හානි සිදුවී තිබේ. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පිහිටි නිවාස 19 කට ද අර්ධ හානි සිදුවී ඇති අතර ‘‘බුරවි” සුළි කුණාටුව හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්හි අර්ධ හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 192 ක් වේ.
මීට අමතරව උතුරු පලාත තුළ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ස්ථාන 09 ක් ද හානියට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.

