UN තුළ කංසා ඉස්සෙයි !

UN තුළ කංසා ඉස්සෙයි !

අධි අවදානම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් "කංසා" ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ.  

ඒ, කංසා සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනි. 

"කංසා" එම අධි අවදානම් ලැයිස්තුවේ වසර 59ක කාලයක් පැවතුණි.  

කංසා සහ කංසාවල වෙනත් නිෂ්පාදන සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්දේශ මාලාවක් සමාලෝචනය කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය කොමිසම මෙම තීරණය ගෙන ඇත.  

ඒ අනුව, හෙරොයින් වැනි මාරාන්තික ඇබ්බැහිවීම් සහිත මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් "කංසා" ඉවත් කෙරෙනු ඇත.  

ඊට අදාළ යෝජනාවට, මත්ද්‍රව්‍ය පිළිබඳ කොමිසමේ සාමාජික රටවල් 53න් 27ක් ම පක්ෂව ඡන්දය දී තිබූ අතර විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ සාමාජිකයන් 25ක් පමණි.  

එක් පාර්ශ්වයක් ඡන්ද විමසුමට සහභාගී වී නැත. 

මින් ඉදිරියට කංසා අවදානම් සහිත මත්ද්‍රව්‍යයක් ලෙස නොසලකන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි. 

නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස ප්‍රකටව ඇති කංසාවල ඖෂධීය හා චිකිත්සක ගුණ හඳුනාගැනීමට මේ තුළින් වැඩි අවස්ථාවක් උදාවී ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.  

කෙසේ වෙතත් කංසා වර්ගීකරණය සම්බන්ධයෙන් එක් එක් රටවල් පවත්වාගෙන යන අධිකරණමය බලතල පවතින බැවින් කංසා සඳහා පවතින ජාත්‍යන්තර පාලන ක්‍රමවේද, එම තීරණය ඔස්සේ ලිහිල් නොවන බව විශේෂඥයන් පවසයි.

(අද දෙරණ )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න