Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

හිටපු අමාත්‍ය T.B ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු අභාවප්‍රාප්ත වූයේ අසනීප තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

අභාවප්‍රාප්ත වන විට ඔහු 67 වැනි වියේ පසුවිය.

ටී.බී.ඒකනායක මහතා පසුගිය රජයන් තුළ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය , මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධුරය, සංස්කෘතික කටයුතු කැබිනට් අමාත්‍ය ධුරය සහ ඉඩම් රාජ්‍ය අමාත්‍ය ධුරය ද දරනු ලැබුවේ ය.