මහර බන්ධනාගාරයේදී ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව එහි සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මිය අධිකරණ ඇමති අලි සබ්රි මහතාට අද(07) භාර දුන්නාය.
බන්ධනාගාර අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් අධිකරණ අමාත්‍යංශයේ පැවැති උත්සවයකදී එම අතුරු වාර්තාව කුසලා සරෝජනී මහත්මිය එම වාර්තාව භාර දුන්නාය.
මහර හිරගෙර රදවා සිටි රැඳවියන් පිරිසක් කලහාකාරී අන්දමින් හැසිරෙමින් ඇතිවු කලබලකාරී තත්වය පාලනය කිරීම සදහා කටයුතු කිරීමේදී රැදවියන් 11දෙනෙකු ජිවිතක්‍ෂයට පත් වු අතර මහර බන්ධනාගාරයට විශාල අලාභ හානියක් සිදුවිය.
මෙහිදී සිදුවු සිද්ධිය සොයා බලා වාර්තා කිරීම සදහා අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින් හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කළ කරන ලදී.
ඒ අනුව එම කමිටුව මහර බන්ධනාගාරට ගොස් විමර්ශන සිදුකළ අතර, මෙම සිද්ධියට අදාළව සකස් කළ අතුරු වාර්තාව කමිටුවේ සභාපතිනි කුසලා සරෝජනී මහත්මිය විසින් අධිකරණ ඇමති අලි සබ්රි මහතාට අද භාර දුන්නාය.

