'තම්බපවනී' විදුලිබල පද්ධතියට එක්වෙයි

'තම්බපවනී'  විදුලිබල පද්ධතියට එක්වෙයි

ශ්‍රී ලංකාවේ ඉදිකළ ප්‍රථම සුළංවිදුලි බලාගාරය වන ‘තම්බපවනි‘ බලාගාරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08) මන්නාරම නඩුකුඩා හීදි සිදුකෙරිණ.

මෙරට පළමු සුළං විදුලි බලාගාරය ඇමරිකානු ඩොලර් මිලියන 135 වියදමකින් ඉදිකොට තිබේ.

සුළං කුළුණු 30ක් සමන්විත මෙම බලාගාරයේ ප්‍රථම අධියර යටතේ සුළං කුළුණු දයහක් ක්‍රියාත්මක කරවීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

විදුලිබල අමාත්‍යංශයේ සුර්ය බල හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට තිබේ.

ඉදිරි වසර දහය ඇතුළත මෙරට ඉහළ යන විදුලි බල අවශ්‍යතාව සපුරාදීම වෙනුවෙන් ඉදිකොට ඇති මෙම සුළං විදුලි බලාගාරයෙන් මෙගාවොට් 800 විදුලියක් උත්පාදනය කොට ජාතික විදුලි බල පද්දතියට ලබාදීමට නියමිතය.

එහි පළමු පියවර යටතේ මෙම බලාගාරය යටතේ මෙගාවොට් 110 ක අධික ධාරිතාවක් ඊයේ දිනයේ සිට ජාතික විදුලිබල පද්දතියට එක්කිරීමට නියමිත අතර මේ තුලින් එක් විදුලි ඒකකයක් නිපදවීම සඳහා රුපියල් දහයකටත් අඩු මුදලක් වැයවන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම , ඩග්ලස් දේවානන්දා , රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන් , කේ. තිලීපන් යන මහත්වරුන් ඇතුළු විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් ඇතුළු විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරීන් , දේශපාලන ක්‍රියාකාරීන් , ප්‍රදේශවාසීන් පිරිසක් වැඩසටහන් අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න