දුරස්ථව සිට නඩු කටයුතු ඇසීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් අධිකරණයට පරිගණක

දුරස්ථව සිට නඩු කටයුතු ඇසීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් අධිකරණයට පරිගණක

දුරස්ථ සිට අධිකරණ කටයුතු පවත්වාගෙන යාම හා නඩු ඇසීම සිදු කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් අධිකරණ අමාත්‍යංශයට ලැප්ටොප් පරිගණක පිරිනමයි.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ මො‍ෙහොමඩ් අලි සබ්රි විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් කරන ලද ඉල්ලීමකට අනුව දුරස්ථව සිට අධිකරණ කටයුතු පවත්වා ගෙන යාම හා නඩු ඇසීම සිදු කිරීම සදහා ලැප්ටොප් පරිගණක 55ක් අධිකරණ අමාත්‍යංශය වෙත පිරිනැමීම සිදු විය.

එම අරමුදලෙහි මෙරට නේවාසික නියෝජිත Robert Juhkm මහතා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි‍ වෙත ඊ‍යේ දින පස්වරුවේ මෙම ලැප්ටොප් පරිගණක පිරිනැමීම අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවරණාගාරයේදී සිදු වුනි.

දුරස්ථව සිට සිදුකරන මෙම නඩු ඇසීගේ ක්‍රියාවලිය අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ අධිකරණ අමාත්‍යාංශයේ දිර්ඝ කාලීන වැඩසටහනේ තවත් පියවරක් ලෙස ආරම්භ කර ඇත.

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ගමොගහොමඩ් අලි සබ්රි හා අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් මෙරට නේවාසික නිගයෝජිත Robert Juhkm යන මහත්වරුන් ඇතුලු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නියෝජිතයින් ද එක්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න