"අපේ පාර්ලිමේන්තුවේ විවේචන ඉවසන්න බැරි කී දෙනෙක් ඉන්නවද. විවේචනයක් කරද්දි බූරුවා, බල්ලා, කබරයා, වඳුරා කියලා සෑම සතෙකුගේම නම් කියලා බනිනවා. කියන්නේ නැත්තේ සිංහයාගේ නම විතරයි. ඒ කියන අයගේ ළමා කාලය බැලුවම අපිට පැහැදිළියි, ඔවුන් කිසිම දවසක ක්‍රීඩාවකට සහභාගි වෙලා, ක්‍රීඩා කණ්ඩායමක සාමුහිකත්වයෙන් වැඩ කරලා නැහැ කියන එක. ඒ නිසා ඔවුන් ඉවසීම දන්නේ නැහැ, තරඟකාරීත්වය , විනය තේරෙන්නේ නැහැ. ජය පරාජය බෙදා ගන්න දන්නේ නැහැ. මේක අපේ රටේ දේශපාලනයේ දකින්න තිබෙන භයානක රෝගයක්. ක්‍රීඩාව ඇතුලෙ තමයි සාමූහිකත්වය, ඉවසීම, විනය හැදෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා වසර කිහිපයක් යන විට ක්‍රීඩාව තුලින් ඉවසන්න හැකියාවක් තිබෙන, තරඟකාරීත්වය, විනය, සාමූහික හැගීම ඇති පරපුරක් බිහි කරන්න හැකි වේවි කියලා" යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා මාලිම්බඩ, හොරගොඩ, භාග්‍යගම දිවා රාත්‍රී ක්‍රීඩාංගනය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලහප්පෙරුම මෙසේද පැවසීය.
වර්ථමානයේදී අප රටේ පාසල් පද්ධතියෙන් ක්‍රීඩාව ක්‍රමක්‍රමයෙන් ඈත්වෙමින් පවතින අතර නාමල් රාජපක්ෂ ඇමතිතුමා පාසල් දරුවන්ගේ විවේක කාලය විනාඩි 15 කින් වැඩි කිරීමට කළ යෝජනාව ඒ වෙනුවෙන් වූ ධනාත්මක යෝජනාවක් බවත් පැවසූ අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් එතුමාට ස්තුති වන්ත වියයුතු බවද පැවසීය. තමා අධ්‍යාපන ඇමතිවරයාව සිටි අවධියේදී වසරකට දරුවන්ට වාර විභාග දෙකක් පමණක් ප්‍රමාණවත් බව පැවසුවේ, පළමු වාරය තුළ පාසල්වල නිවාසාන්තර තරඟ, අධ්‍යාපන චාරිකා, බිග් මැචි ආදිය පැවැත්වෙන බැවින් දරුවන් ඒ වෙනුවෙන් නිදහසේ සහභාගී කරවිය යුතු බැවින් යැයි ද, නොයෙක් හේතූන් විසින් මේ වනවිට පැහැරගෙන ඇති දරුවන්ගේ ළමා කාලය ඔවුන්ට නැවතත් ලබාදීම වෙනුවෙන්, නිරෝගී ජාතියක් ගොඩනැගීමේ මූලිකත්වය ක්‍රීඩාවට දියයුතු බවට ජනාධිපතිතුමන් විසින් තීරණය කර තිබෙනවා.

