නෞකා හුවමාරුව ගැන ඉරානය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නැහැ - ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි

නෞකා හුවමාරුව ගැන ඉරානය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නැහැ - ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි

ඉන්දියාව විසින් අත්අඩංගුවට ගෙන ඇති ඉරානයට සම්බන්ධ නෞකා තුනක් නිදහස් කිරීම වෙනුවට, ඉන්දීය නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලබාදීම පිළිබඳව ඉරානය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය අද (අඟහරුවාදා) නිල වශයෙන් ප්‍රකාශ කළේය.

රොයිටර් පුවත් සේවය ඊයේ (සඳුදා) වාර්තා කර තිබුණේ, ඉන්දියාවේ රැඳවුම් භාරයේ පවතින තෙල් නැව් තුනක් නැවත ලබා දෙන්නේ නම්, ඉන්දීය ධජය සහිත නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට ඉඩ දීමට ඉරානය යෝජනා කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දිර් ජයිස්වාල් සඳහන් කළේ එවැනි කිසිදු "ගනුදෙනුවක්" හෝ හුවමාරුවක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුව නොමැති බවයි.

 

මූලාශ්‍ර

India denies discussing release of vessels with Iran for Hormuz passage

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න