කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අසරණ වී සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරට නැඟෙන්නේ මේ දී මහා සූරා කෑමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසයි.
ගුවන් යානාවේ ප්‍රවේශ පත්‍රය වෙන් කිරීම, එහිදී ප්‍රමුඛතාව ලබා දීමට, හෝටල් වල නිරෝධායනයට යොමු කිරීම ආශ්රිත ක්‍රියාවලිය තුළ මෙම ජාවාරම ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසූ අතර ඒ අද (08) පාර්ලිමේන්තුව අමතමින්ය.
දිගින් දිගටම මෙය සිදුවන්නේ නම් මෙම කටයුත්ත සිදු කරන අය පිළිබඳව හෙළිදරව් කිරීමට තමන් කටයුතු කරන බවද ඔහු පැවසීය.
ඇතැමුන් තම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් මේ ආකාරයේ කටයුතු කරන බවත් එවන් කටයුතු හරහා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට ඉඩ දිය නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

