කොළඹ වරායේ නැගෙනහිර ජැටියේපසුගිය ඔක්තෝබර් 27 සිට ජනවාරි 01 දක්වා කාලය තුළ ගොඩබෑමේ හා පැටවීමේ ආදායම පමණක් කෝටි 33කට වැඩි බව අනාවරණය වී ඇත.
ආදළ කාලය තුළ නෞකා 30ක බහාලුම් ගොඩබෑම හා පැටවීම සිදුකර ඇති අතර මෙම මෙහෙයුම් වෙනුවෙන් වරාය අධිකාරියට ලැබී ඇති ආදායම රුපියල් තුන්සිය තිස් හත් කොටි අටලක්ෂ හැත්තෑදහ් පන්සිය දාහතරකි (රු. 337,870,514).
නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට පැවරීමට ආණ්ඩුව තීරණය කර තිබූ හෙයින් නැගෙනහිර ජැටියට පැමිණි නැවෙහි තිබූ ග්‍රැන්ට්‍රි දොඹකර ගොඩබෑම ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
පසුව මේ පිළිබඳව නැගුණු වරාය සේවක විරෝධය හේතුවෙන් එම දොඹකර ගොඩබෑමට ආණ්ඩුවට සිදුවූ අතර ඒවා එහි සවි කර මෙහෙයුම් ඇරඹීමට වරාය අධිකාරිය තීරණය කළේය.2020 ඔක්තෝබර් 27 නැගනෙහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කරන ලද්දේ ඒ අනුවය.
මෙසේ තිබියදී පසුගියදා ආණ්ඩුව මෙම ජැටිය ඉන්දියානු අදානි සමාගමට පැවරීමට කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගන්නා ලදී.
(lanka truth )

