වට්සැප් ගිලිහී යයිද?

වට්සැප් ගිලිහී යයිද?

නව කොන්දේසි සමග එකඟ නොවුනොත් වට්සැප් යෙදුම ලබන මස සිට භාවිතා කිරීමේ අවස්තාව ගිලිහී යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත සන්නිවේදන යෙදුමක් වන වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට වට්සැප් සමාගමේ මව් සමාගම වන ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ.

මේ අනුව පෙබරවාරි 8 දා සිට වට්සැප් යෙදුම භාවිතා කිරීමට නම් පරිශීලකයන් වට්සැප් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව සමග එකඟ වියයුතු අතර එය සමග එකඟ වීමට අකමැති පරිශීලකයන් හට පෙබරවාරි 8 දා සිට වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම භාවිතා කිරීමේ අවස්තාව ගිලිහි යනු ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කරයි.

වට්සැප් යෙදුමෙහි නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව මගින් පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය සදහා ෆේස්බුක් සමාගමට ඉඩප්‍රස්තාව සහ එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීමට සදහා ඉඩලැබෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාව වෙත වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න