20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ආණ්ඩුවට සහාය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් ව්‍යාපාරික ටිරාන් අලස් ගේ නිවසේ දී මුණ ගැසී සාකච්ඡා කළ බවට හිටපු මන්ත්‍රී අසාත් සාලි සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව එම පාර්ශව සඳහන් කරයි.
හිටපු මන්ත්‍රී අසාත් සාලි මේ ප්‍රකාශ සිදු කර සිටියේ පසුගියදා පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදීය.
මේ පිළිබඳ අප කළ විමසුමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් පාර්ශ්වය මෙන්ම රවුෆ් හකීම් පාර්ශ්වය අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් අවධාරණයෙන් සඳහන් කර සිටියේ එවැනි කිසිම සාකච්ඡාවක් සඳහා තමන් සහභාගී නොවූ බවය.
තවද පසුගියදා මාධ්‍යවේදීන් හිටපු මන්ත්‍රී අසාත් සාලිගේ ප්‍රකාශ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වෙතින් අදහස් විමසූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කර සිටියේ , අසාද් සාලිට අවශ්‍ය භූමිදානය නොව සිංහල සහ මුස්ලිම් ජනතාව අතර භේදයක් බවයි.
සාලි කියන්නේ බොරු - ටිරාන් !
මෙහිදී මුස්ලිම් පක්ෂ නායකයන් වන රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් සමඟ නිවසේ සාකච්ඡාවක් පැවැත් වී ද යන්න සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් වෙතින් newstube.lk වෙබ් අඩවිය විමසූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කර සිටියේ එවැනි කිසිම සාකච්ඡාවක් තම නිවසේ නොපැවැත් වූ බවයි.
හිටපු මන්ත්‍රී අසාද් සාලි සාවද්‍ය ප්‍රකාශ කරමින් ජනප්‍රිය වීමට පහත් උත්සාහයක නිරත වන බවත් ඔහු පැවසීය.
මේ අතර මුස්ලිම් සමාජය වෙතින් ද හිටපු මන්ත්‍රී අසාත් සාලිගේ හැසිරීම සම්බන්ධව විවේචන එල්ලවෙමින් පවතී. ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අන්තවාදී ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරමින් තම ජනතාව අනතුරේ හෙළන බවට සඳහන් කරමින් ය.
මේ වන විටත් අසාත් සාලි හිටපු මන්ත්‍රීවරයා සිදුකරන ප්‍රකාශ වෙත සිංහල බෞද්ධ අන්තවාදී ලෙස පෙනී සිටින පාර්ශව දැඩි ප්‍රතිචාර දක්වමින් සිටියි. ආණ්ඩුවේ අමාත්‍යවරුන් ගේ සිට කුඩා කුඩා සංවිධාන අටවාගත් පිරිස් මේ අතර වෙයි.
කොරෝනා ආසාදිත මෘතදේහ ගැන ක්‍රියා කරන්නේ කෙසේද යන්න සම්බන්ධව නිශ්චිත තීන්දුවක් ගැනීමට ආණ්ඩුවට මෙතෙක් නොහැකි වී ඇත. කෙසේ වුවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු රටවල් 190 ක ට වැඩි ප්‍රමාණයක පිළිගැනීම වී ඇත්තේ covid මෘත දේහ ආදාහනය හෝ භූමිදානය යන ක්‍රම දෙකම ගැටලුවක් නොවන බවය.
ජාතිවාදී ආගම්වාදී කල්ලි වැඩවලට අහුවෙන්න එපා !
මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ ආණ්ඩුව නියෝජනය කරන ජාතිවාදී කල්ලි කණ්ඩායම් රට තුළ ආදාහනය පමණයි යන සටන් පාඨයේ එල්ලී කටයුතු කරන බැවින් ඒ තුළ ආණ්ඩුව බලවත් අර්බුදයකට පත්ව ඇති බවයි.
එම විචාරකයා වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා ඇතුළු කිහිප දෙනෙක්ම මේ වෙනකොට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් භූමි දානය සඳහා අවස්ථාව ලබාදීමට ආණ්ඩුව සූදානම් බවට ඉඟියක් වී තිබෙනවා. ආණ්ඩුවට තියෙන ප්‍රශ්නේ තමයි ඔවුන් බලය ලබා ගැනීම වෙනුවෙන් පෝෂණය කළ ජාතිවාදී බලවේග මේ මොහොතේ කළමනාකරණය කරගත නොහැකි වීම. අසාත් සාලි ලා හදන්නේ මේ බොර දියේ මාළු බාන්න.
මෙම කරුණේදී ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන මුස්ලිම් නායකයන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින්, නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමුවෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කර තිබෙන භුමිදානය අවස්ථාව ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.එයයි විය යුත්තේ. දැන් බලන්න විමල්ලා ගොඩගිය ජාතිවාදී ප්‍රකාශ හරහා. ඔය පොඩි පොඩි සංවිධාන කල්ලි ජීවත් වෙන්නේ ම ජාතිවාදයම විකුණමින්. ඒ හැර රටට සතපහක වැඩක් කරන්නේ නෑ. දැන් අසාත් සාලි බංකොලොත් වෙලා, ඔහුත් ඒ වැඩේටම යොමුවෙලා.
මිනිස්සු අතර දේශපාලන බෙදීම් තියෙන්න පුළුවන් , මතවාද ගැන විශ්වාස ගැන බෙදීම් තියෙන්න පුළුවන් , වාද විවාද කරන්න පුළුවන් නමුත් ජාතිවාදී බෙදීම් නම් ආගම්වාදී බෙදීම් නම් ඇති වෙන්න දෙන්න එපා. එහෙම බෙදුනු කිසිම සමාජයක් මිහිපිට අපායක් මිස සුරපුර වුණේ නෑ.

