බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳීමට අගමැතිගෙන් උපදෙස්

බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳීමට අගමැතිගෙන් උපදෙස්

මහා පරිමාණ හා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳීමට ගරු අග්‍රාමාත්‍යතුමා ඊයේ (09) විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්ට උපදෙස් දී ඇත.

අන්තර්ජාල සූම් තාක්ෂණය ඔස්සේ මහා පරිමාණ හා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදක සංගම් අධ්‍යක්ෂ මණ්ඩල සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

අභිජනන සතෙකුගේ මිල රුපියල් 220 සිට රුපියල් 175 දක්වා පහළ දැමීම, වසරකට ගෙන්වන මව් සතුන් සංඛ්‍යාව අසූ දාහකට සීමා කිරීම, සත්ත්ව අහාර මිලදී ගැනීම හා ගබඩා කිරීමේ ණය සහන ලබා ගැනීම, නීතියට පටහැනි අභිජනන මධ්‍යස්ථාන තුනක කටයුතු නැවත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම්වල අධ්‍යක්ෂ මණ්ඩල මෙහිදී අග්‍රාමාත්‍යතුමාට යොමු කළේය.

අදාළ ණය සහන පහසුකම් ලබා දීමේ කටයුතු සඳහා ඒ මොහොතේම නිලධාරීන් දැනුවත් කළ අග්‍රාමාත්‍යතුමා අනෙකුත් ගැටලු නිරාකරණය කිරීම රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්ට උපදෙස් දුන්නේය.

වෙළඳපොළ බිත්තර මිල මේ වනවිට පහළ ගොස් ඇතිබව ද මෙහිදී හෙළි විය.

මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පශු සම්පත්,ගොවිපළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර අශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සුමිත් උඩුකුඹුර, බී.වයි.ජී රත්නසේකර, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම් සරත් රත්නායක මහත්වර ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයෝ එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න