භික්ෂු විරෝධය මහපාරේ : යුක්‍රේන් නඩේ දළදා මාළිගාවේ !

භික්ෂු විරෝධය මහපාරේ  : යුක්‍රේන් නඩේ දළදා මාළිගාවේ !

මෙරටට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද(11) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක වූ අතර ඒ  ලේවැල්ලේ ධම්මාලංකාර හිමි ගේ විරෝධය මධ්‍යයේය.

එහිදී ලේවැල්ලේ ධම්මාලංකාර හිමි විරෝධය දක්වා සිටියේ  සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන් දේශීය බැතිමතුන් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි පවසමින්ය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු එම හිමිනම මෙසේද පැවසීය.“මේ කට්ටිය කිසිම නිරෝධායන ඇඳුමක් නැහැ.

මේ වටේ ඉන්නේ අපේ රටේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ට මේ රෝගය හැඳුනොත් වගකියන්නේ කවුද ? දළඳා මාලිගාවට කැඳවන්නේ නැහැ කියලා කියපු වේලාවක් මේක.

එතකොට මේ අය මල්වතු මහ විහාරයට, අස්ගිරි මහ විහාරයට සියල්ලටම බොරුකරලා මේ එක්කරන් යන්නේ. වාහනවල ඉන්න රියදුරන් ඉන්න විදිහ බලන්න. මේ අය කිව්වා ආරක්ෂක ඇඳුම් ඇඳගෙන ඉන්නේ කියලා ඒත් කිසිම දෙයක් නැහැ.''

නමුත්  මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ  දැඩි පරීක්ෂාවකින් අනතුරුව එම සංචාරකයින් පිරිස දළදා මාලිගාවේ සංචාරය සඳහා රැගෙන ගිය බව  වන අතර ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණෙන දේශීය බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා යුක්‍රේන සංචාරකයින් වෙනම ස්ථානයකින් ප්‍රවේශවීමට පහසුකම් සලසා දී තිබු බව දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයද මාධ්‍ය වෙත පවසා තිබිණ.

Capture1

Capture2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න