තනි සිංහල බෞද්ධ ආන්ඩුවේ අප්පච්චී සොයා ආ හිමිනමට අත් වූ ඉරණම..! (වීඩියෝ )

තනි සිංහල බෞද්ධ ආන්ඩුවේ අප්පච්චී සොයා ආ හිමිනමට අත් වූ ඉරණම..! (වීඩියෝ )

අද (12) දින උසස් පෙළ සිසුන්ගේ ගැටලුවක් සම්බන්ධයෙන් අගමැති නිල නිවස ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් වෙනුවෙන් පැමිණි හිමි නම ඇතුලු පිරිසකට බාධා කරමින් පොලීසිය කටයුතු කරන ආකාරය පහත වීඩියෝව තුලින් මනාව දිස් වනු ඇත…

එහිදී කුඩා අත් ශබ්ද විකාශන උපකරණයක් භාවිතා කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් උණුසුම් කාරී තත්වයක් හටගත් අතර අවසානයේ ගරුතර හිමි නම විසින් පැමිණ සිටි පිරිස ඇමතීමට උත්සාහ කල අවස්ථාවේ අති අමානුෂික ලෙස බුද්ධ චීවරයේ ගෞරවය කෙලෙසමින් හිමි නම ඇදගෙන යන ආකාරයත් උන් වහන්සේට විශේෂිත රථයට උස්සා තල්ලු කරමින් සිදුකරන අඩම්තේට්ටම් ඉතා පැහැදිව වීඩියෝ ගතව ඇත…

'නැගපන් පරයා' උන් වහන්සේ විශේෂිත රථයට ඇද දමා ගනිමින් පොලීසියේ නිළදාරීන්  හැසිරුනේ එසේය…. රුවන් මැලි මාහා සෑරදුන් අභිමුවේ සම්බුද්ධ සාසනය ආරක්ශා කරමින් සිංහල බෞද්ධ ආණ්ඩුව පිහිටමින් සියල්ලන්ම ආරක්ශා කරනට ආ පාලනයේ දිග පළල දැන් හොදින් පෙන්වමින් සිටී… වැඩි දුරටත් උන්වහන්සේ දැඩි ආවේගයෙන් ප්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභයලාගේ ප්‍රජාතන්ත්‍රවාද මෙය බවත්ය. කෙසේ වෙතත් බුද්ධ චීවරය දරණ හිමි නමක් එසේ මරණය කරා දක්කන ගවයකු සේ ඇදගෙන යෑම සිංහල බෞද්ධ දේශප්‍රේමී ජනතාව නොව කිසිදු අන්‍යාගමික ශ්‍රීලාංකිකයකුට ඉවසිය නොහැකි ක්‍රියාවකි…    

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ ඉතාලිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න