ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය - 2020 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.
සමාජ මාධ්‍ය පිළිබඳ මූලික උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන් 76 දෙනෙකු මෙම උපාධි ප්‍රදානයට සුදුසුකම් ලබා තිබිණි.
එහිදී ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් උපාධිධාරීන් 50 දෙනෙකුට උපාධි ප්‍රදානය සිදුවිය.
මෙම අවස්ථාව සඳහා සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ශාස්ත්‍රීය) එම්.ටී.ආර්.ශාමිනී අත්තනායක ඇතුලු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
