වාම ජනතාවාදයක් වෙනුවෙන් රන්ජන් : සුමිත් චාමින්ද තැබූ සටහනක් !

වාම ජනතාවාදයක් වෙනුවෙන්  රන්ජන් : සුමිත් චාමින්ද තැබූ සටහනක් !

අනාගත වාම ජනතාවාදයක් සඳහා රන්ජන් වැනි චරිතයක් අවශ්‍ය ය. රන්ජන් පුළුල් අරුතින් වමේ මිනිසෙකි.  පොදු මහ ජනතාව ආදරය කරන අපේ මිනිසෙකි.

මේ මොහොතේ රන්ජන් නිශ්චිතවම වමට දිනා ගැනීමට වම සමත් විය යුතුය. අසූව දශකයේ විජය වමට දුන් ජවය සහ ආකර්ෂණය අපට අමතක නැත. ජනතාවගේ මනසට කුදු නොව හදවතට කතා කරන බස විජය සේම රන්ජන් ද දනී. ඔහු අද රාත්‍රියේ නිදන්නේ සිමෙන්ති පොළොවක් මතය.

එසේ තවත් දින රාශියක් ඔහුට සිපිරිගෙය තුළ අපා දුක් විඳින්නට සිදු වනු ඇත. 

ඉදිරියේ එළඹෙනු ඇත්තේ ප්‍රධාන ධාරාවේ දේශපාලකයින් ජනතාවට තව තවත් එපා වන අන්ත දුක්ඛිත යුගයකි. දැන් සියල්ල රඳා පවතින්නේ ගෝලීය වසංගතය මත බැව් සිහි තබා ගන්න. ඉදින්, රන්ජන් නිදහස ලබන්නේ තවත් සිව් වසරකින් නම්, ඒ වන විට මිනිසුන්ට තමන් වෙනුවෙන් අවංකව කතා කළ ආදරණීය නායකයෙකු පිළිබඳ මතකය තදින් දැනෙනු ඇත.  

දේවල් මේ ආකාරයෙන්ම සිදු නොවීමට ද ඉඩ ඇත. දේශපාලනයේ නිශ්චිත කිසිවක් තිබේ නම් ඒ අනිශ්චය පමණක් වන බැවිනි. කෙසේ වුවත්, වත්මන් අනිශ්චයේ මොහොත තුළ අපට අවශ්‍ය රන්ජන්ලා ආකර්ෂණය කර ගත හැකි වමක් බව නම් නිශ්චිතවම කිව හැකිය.

FB IMG 1610472505775ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සුමිත් චාමින්ද

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න