තම පාලන කාලය තුළත් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගම් ඉල්ලා සිටියත් තමන් ඊට එකඟ නොවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
"මම ජනාධිපතිධූරය දරන කාලයේ දීත් මේ වරාය ඉල්ලුවා. මම බොහෝම පැහැදිලිව ම කිව්වා නැගෙනහිර පර්යන්තය දෙන්න පුළුවන්කමක් නෑ කියලා. ඒ වගේම මම ජනාධිපති ධූරය දරන කාලයේ දී වරයාට ගිහිල්ලා මම ජනාධිපතිවරයා විදියට ප්‍රතිඥාවක් දුන්නා මම කොහෙත්ම නැගෙනහිර පර්යන්තය විදේශ රටකට දෙන්න ඉඩ තියන්නේ නෑ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ. ඒක නිසා නැගෙනහිර පර්යන්තය දීම සම්බන්ධයෙන් කොහෙත්ම එකඟ වෙන්න පුළුවන්කමක් නෑ. මම ආණ්ඩුව තුළ තිබුණ යම් යම් ගැටලු සහගත තත්ත්වයන් කවුරුත් දන්නවා. ඒකෙ දී අනෙකුත් පාර්ශවයන්වලින් මේ ගැන යම් යම් උනන්දුවීම් තිබුණා. නමුත් ඒ කාලය තුළ මම ඒවත් පුළුවන් තරම් පාලනය කර ගන්න උත්සහ කළා"

