ලංකාවේදී කොරෝනා එන්නත මුලින්ම විදින්නේ කාටද ?

ලංකාවේදී කොරෝනා එන්නත මුලින්ම විදින්නේ කාටද ?

කොරෝනා මර්දන එන්නත මෙරටට ලැබුණු  වහාම මෙරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, අද (26) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වන අතර මෙම සතිය තුළ Oxford–AstraZeneca එන්නත මෙරටට ලැබීමෙන් අනතුරුව එන්නත්කරණ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ද සඳහන් කාලය. එන්නත්කරණය සඳහා ප්‍රමුඛතා කණ්ඩායම මේ වනවිටත් හඳුනා ගෙන ඇති බවත් ඒ අනුව  කෝවිඩ් මර්දනයේදී ඉදිරි පෙළ කටයුතු කරන පිරිස් වෙත පළමු අදියර යටතේ එන්නත් ලබා දෙන බව සඳහන් කල රාජ්‍ය අමාත්‍යවරිය ඒ යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස්, ත්‍රිවිද හමුදාව සහ පොලීසිය නිලධාරීන්ට එන්නත ලබා දෙනු ඇතැයිද සදහන් කර ඇත.

කොරෝනා මර්දන එන්නත්කරණය සිදුකරන්නේ පළමු එන්නත් මාත්‍රාව ලබා දී සති තුනකින් දෙවන මාත්‍රාව ලබාදෙමින්ය. 

මේ අතර  කොවැක්ස් පහසුකම යටතේ 20%ක එන්නත් ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් ඊට අමතරව අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණය මිලදී ගෙන ප්‍රමුඛතා ලැයිස්තුව අනුව ජනතාවට ලබා දීමට රජය සූදානමින් පසුවන බවත් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළා ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න