මුස්ලිම් අයට රිද්දවන්න එක රටක් එක නීතියක් ගෙනැල්ල හරි යන්නේ නැහැ. - අධිකරණ අමාත්‍ය අලි සබ්රි

මුස්ලිම් අයට රිද්දවන්න එක රටක් එක නීතියක් ගෙනැල්ල හරි යන්නේ නැහැ. - අධිකරණ අමාත්‍ය අලි සබ්රි

මේ රටේ දැනටමත් එක රටක් එක නීතියක් තිබෙන බවත්,  එහි මුස්ලිම් නීති පමණක් නොව උඩරට, දෙමළ වැනි පෞද්ගලික සිවිල් නීති ඇති බවත් එය  ගැටළුවක් නොවන බවත්, අවශ්‍ය නම්  සැමගේ කැමැත්තෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට සුදානම් බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි  පවසයි .

සමහර අවස්ථාවලදී එක රටක් එක නීතියක්  ගෙන එම සඳහා යම් කණ්ඩායම් විසින් ඉලක්ක කොට ගන්නේ මුස්ලිම් අයට රිද්දවිම බවත්,  එවැනි ප්‍රවේශයන් යෝග්‍ය නොවන බවත් බහුතර සිංහල ඇමතිවරුන් සිටින වර්තමාන ආණ්ඩුවේ  එකම මුස්ලිම් අමාත්‍යවරයා වන අලි සබ්රි මහතා පවසයි.

වයස අවුරුදු 16 ක තරුණයකු ප්‍රමුඛ තරුණ කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු  ලබන මාධ්‍ය ව්‍යවසායකත්වයක් විසින් අලුතින් ආරම්භ කළ Vරළ යුටියුබ් නාලිකාවේ ආරම්භක වැඩසටහනට සම්බන්ධ වෙමින්  අධිකරණ අමාත්‍ය අලි සබ්රි  ප්‍රකාශ කලේ නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවත්, කොතරම  නීති තිබුණද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් එහි ප්‍රතිපලයක් නොමැති බවය.  

මෙහිදී  බොහෝ ක්ෂේත්‍රවල දැකිය හැකි පසුගාමිත්වයන් උදාහරණ සමග ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා කටයුතු කරන ලදීමෙම සාකච්ජාව මෙහෙයවුයේ  බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා වූ  කථිකාචාර්ය දිලාන්ත විතානගේ  විසිනි .

රටේ  පැහැදිලි  වෙනසක් ඇති කිරීමට ජනතාව දැනුවත් කොට ඔවුන්ව පෙළගැස්වීමේ අරමුණින් සාධනීය මාධ්‍යකාරණයක් (Constructive Journalism) ප්‍රවර්ධනය කිරීම මෙම Vරළ නාලිකාවේ අපේක්ෂාවයි.

අදාළ සම්මුඛ සාකච්ඡාව පහතින්.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න