රන්ජන් වහාම පාර්ලිමේන්තු කැඳවන්න - විපක්ෂ නායක කතානායකට කියයි !

රන්ජන් වහාම පාර්ලිමේන්තු කැඳවන්න - විපක්ෂ නායක කතානායකට කියයි !

අද දින පාර්ලිමේන්තුව තුලදී සිව් වස් සිරදඬුවම් හිමිව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මංත්‍රී රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු පැමිණීම පිළිබඳ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමට තිබූ බවත් එනමුත් පාර්ලිමේන්තුව තුල ප්‍රථම කාර්‍යලෙස කථානායක වරයාගේ වගකීම එකී තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බව විපක්ෂ නායක සජිත් පේමදාස විසින් ප්‍රශ්න කරනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කලේ කතානායකවරයා සති 3ක කාළයක් අවශ්‍ය බව පවසා සිටි අතර එම සති තුනක කාලය අද දිනට සම්පූර්ණ වන බැවින් කතානායකවරයාගේ මතය ප්‍රකාශ කලයුතු බවත් පාර්ලිමේන්තු මංත්‍රී ප්‍රේමලාල් ජයසේකරට ලභා දුන් අවස්ථාව ලබා නොදෙන්නේ මන්දැයි වැඩිදුරටත් ප්‍රශ්න කරන ලදී…

මිනීමැරුම් චෝදනා මත 20 වසරක සිරදඬුවම් ලත් "චොකා මල්ලීට" දුන් පාර්ලිමේන්තු වරප්‍රසාදය රන්ජන්ට අහිමි වන්නේ කෙසේද?

පසුගිය මැතිවරණ සමයේ පුද්ගල ඝාතණයකට චෝදනා ලැබ ගරු අධිකරණය තුලින් චෝදනා ඔප්පු වී වරදකරුවකු වූ ප්‍රේමලාල් ජයසේකර හට පාර්ලිමේන්තු වරප්‍රසාද මත ඔහුව පාර්ලිමේන්තු කැඳවීමට කතානායකවරයා කිසිදු කාළයක් ලභා නොගත අතර රන්ජන් රාමනායක විසින් ඉදිරිපත් කල අභියාචය මත අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්  වෙත, ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමි කිරීමට කටයුතු නොකරන්නැයි නියෝග කොට තිබියදී පාර්ලිමේන්තු මංත්‍රී රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට කැඳවීම නොකර සිටිනේ කුමන හේතුවක් මතදැයි ප්‍රශ්න කල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අදාල අධිකරණ නියෝග හා අභියාචනා හැන්සාඩ් ගතකරන ලදී…

වැඩිදුරටත් විපක්ෂ නායක විසින් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මංත්‍රීන් සියල්ලම සමාන බවත් ප්‍රේමලාල් ජයසේකරට ලභාදුන් අවස්ථාව පැහැදිලිවම රන්ජන් රාමනායකට හිමි බවත් ඔහු හෙට දිනයේ වහාම පාර්ලිමේන්තුවට කැඳවීමට කටයුතු සූදාන්ම් කරන ලෙසත්ය..

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝ ඉතාලිය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න