අවුල දිගටම : පොහොට්ටු ලේකම්ට ආනන්ද හිමිගෙන් ටොක්කක් !

අවුල දිගටම : පොහොට්ටු ලේකම්ට ආනන්ද හිමිගෙන් ටොක්කක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් ලේකම්වරයා ඇතුළු මන්ත්‍රිවරුන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු ජාතික බලවේග සිදුකළ කැපකිරීම් හේතුවෙන් බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

ඒ අද (10)පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මෙසේද පැවසීය.

“පොදු සංවිධානයක ගොඩනගන්න ඕනේ කියන යෝජනාව ඇතිවුණේ අභයාරාමයෙන්. ළමයා ඉපදුනායින් පස්සේ, නමක් දැම්මේ. මං හිතනවා විමල් වීරවංශ මහතා ඇතුළු 4 ක් 5ක් එකතුවෙලා. පළවෙනියෙන්ම සාකච්ඡාවක් තිබ්බා නුගේගොඩ “මහින්ද සුළඟ“ කියලා. මහින්ද සුළඟ ආරම්භ කරලා මේ රටේ නව පුනර්ජීවනයක් ඇති කරලා අලුත් ආණ්ඩුවක් පත්කර ගන්න ශක්තිය ලබාදීලා ජනතාව දැනුවත් කරපු කෙනෙකුට පොහොට්ටුවේ ලේකම්තුමා කියනවා “අත දාන්න විමල් වීරවංශට අයිතියක් නෑ කියලා“ මම එතුමාගෙන් අහන්න කැමති කවුද මේකට අතදාන්න කැමති එක්කෙනා කියලා. අද ඔබට මෙහෙම පාර්ලිමේන්තු ගිහින් කතා කරන්න ශක්තියක් ලබා දුන්නේ මහින්ද සුළඟත්, පැවිදි හඬත් කියන එක අමතක කරන්න එපා. විමල් වීරවංශ මහතා වැනි අයට මෙවැනි සදාචාරාත්මක නොවන ප්‍රකාශ නිකුත් කරනවා නම් අපිට සිද්ධවෙනවා ඒවට විරුද්ධ වෙන්න.“

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න