කොවිඩ් මෘතදේහ භුමිදානයට ඉඩදෙනවා - අගමැති මහින්ද : ජාතිවාදීන් සුං !

කොවිඩ් මෘතදේහ භුමිදානයට ඉඩදෙනවා - අගමැති මහින්ද : ජාතිවාදීන් සුං !

කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානයට ඉඩදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා ඇත.

ඒ අද (10) පාර්ලිමේන්තුවේදී එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා විමසුවේ  ඊයේ දින ජලයෙන් කොවිඩ් පැතිරෙන්නේ නැති බව  රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා  විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සුදර්ශනී අමාත්‍යවරිය පැවසූ බවත් එබැවින් දැන් භූමිදානය සම්බන්ධව අගමැතිගේ  ස්ථාවරයයි.

එහිදී අදාළ විමසීම රීති ප්‍රශ්නයක් නොවන බවත් අනවශ්‍ය ප්‍රශ්නයක් බවත් පවසමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊට බාධා කළේය.

නමුත් එම අවස්ථාවේ නැගී සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා සිටියේ භුමිදානයට ඉඩදෙන බවය.

කමිටුත් සුන් ජාතිවාදීනුත් සුන් !

කොරෝනා පළමු රැල්ල අවස්ථාවේ ආසාදිත මෘතදේහ සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට පත්කළ කමිටුව සඳහන් කර සිටියේ අදාළ දේහ  පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබෙන මාර්ගෝපදේශ වල ඇතුළත් ආදාහනය  හෝ භූමිදානය යන ක්‍රම දෙකම සුදුසු බවයි. එහෙත් පසුව පත්කෙරුණු කමිටුවක් විසින් එම තීරණය වෙනස් කර ආදාහනය පමණක් කල යුතු බවට නිර්දේශයක් නිකුත් කෙරිණ.

එහෙත් මේ තීරණය විද්‍යාත්මක නොමැති බවත් එමෙන්ම ඉස්ලාම් භක්තිකයන්ගේ විශ්වාස පද්ධතියට හානි කරන බවත් පවසමින් වඩාත් මානුෂික වූත් සෞඛ්‍යාරක්ෂිත බව සම්බන්ධව ප්‍රශ්නයක් නොතිබුණු "කැමති නම් ආදාහනය කැමති නම් භූමිදානය" කිරීමේ අයිතිය ඉල්ලා සිටියත් ආණ්ඩුවේ සමහර පාර්ශව මෙන්ම ජාතිවාදී කොටස් ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරමින් එරෙහි විය.

අවසානයේ ජාත්‍යන්තර සංවිධාන පවා මෙරට ගෙන තිබු අමානුෂික සහ  අපකීර්තිමත් ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ  අවශ්‍යතාව අවධාරණය කර තිබිණ. එවන් පසුබිමක අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධ කළ ස්ථාවරය පමාවී හෝ ගනුලැබූ හොඳ තීන්දුවක් බව අපේද අදහසය.

 

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න