Image

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බලයට පැමිණ, යළිත් ඒ ගෝත්‍රික "බයි" බල උමතුවට ම වැටීමක්..?

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බලයට පැමිණ, යළිත් ඒ ගෝත්‍රික "බයි" බල උමතුවට ම වැටීමක්..?

ජනතා අරගලයකින් සහ අතිමහත් මහජන අපේක්ෂාවන් මැද බලයට පත් වූ ආණ්ඩුවක්, මාධ්‍ය නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය හමුවේ හැසිරෙන ආකාරය දෙස බලන විට මතුවන්නේ විශාල ප්‍රශ්නාර්ථයකි. ජනතාව මහ පාරේදී පන්න පන්නා එකහෙළා ප්‍රතික්ෂේප කළ ඒ පැරණි අත්තනෝමතික, ගෝත්‍රික "බයි" මානසිකත්වය සහ බල උමතුව යළිත් මේ ආණ්ඩුවටත් ආරූඪ වී තිබේද?

සිදුවී ඇත්තේ කුමක්ද...?

පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කිරීමේ චෝදනාවට අදාළ විමර්ශනවල ප්‍රගතිය සෙවීමට පසුගිය ජූනි 05 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය රැස්වී තිබිණි. එම රැස්වීම පිළිබඳව කළ වාර්තාකරණය මුල් කරගනිමින් බී.බී.සී. සිංහල සේවයේ මාධ්‍යවේදීන් 23 වනදා පස්වරු 2.00ට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට කටයුතු කර ඇත.

BBCLOGO22

 

ප්‍රජාතන්ත්‍රවාදය දෙසූ ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත සහ බරපතළ කාරණා

නැති බලයක් ආරූඪ කරගැනීම: පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යනු නිල ව්‍යවස්ථාපිත කාරක සභාවක් නොවේ. එසේ තිබියදීත්, රාජ්‍ය නිලධාරීන් කැඳවා තොරතුරු වාරණය කිරීමට උපදෙස් දීමත්, ඒ පිළිබඳ සත්‍ය වාර්තා කළ ස්වාධීන මාධ්‍යවේදීන්ට එරෙහිව වරප්‍රසාද කමිටුව භාවිත කරමින් බලහත්කාරය පෑමට තැත් කිරීමත් පැහැදිලිවම බලය අනිසි ලෙස භාවිත කිරීමකි.

තොරතුරු දැනගැනීමේ අයිතියට වැට බැඳීම: ජනතාව දැනගත යුතු සංවේදී සහ වැදගත් තොරතුරු වසා තැබීමටත්, විවේචනාත්මක හා ස්වාධීන මාධ්‍ය හඬවල් මර්දනය කිරීමටත් දරන මේ වෑයම අතිශයින්ම නින්දිත මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි.

පැරණි ඒකාධිපති මාවතේම ගමන් කිරීම: වේදිකා මත ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිදභාවය සහ ප්‍රකාශනයේ නිදහස ගැන උදම් අනන පිරිස්, බලය ලැබුණු පසු කටයුතු කරන්නේද අතීත ආණ්ඩු ගිය ඒකාධිපති සහ අත්තනෝමතික මාවතේ ම ය.

 

යළිත් නැගිටින්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ ඒ "ගෝත්‍රික මානසිකත්වය''ද...?

අතීතයේ පැවති ආණ්ඩු ද වරප්‍රසාද කමිටුව භාවිත කළේ මාධ්‍ය මර්දනය කිරීමටත්, තමන් ගේ වැරදි වසා ගැනීමටත් ය. ජනතා නැගිටීමකින් පසු ස්ථාපිත වූ ආණ්ඩුවක් ද අද කරමින් සිටින්නේ එදා ජනතාව ප්‍රතික්ෂේප කළ, මාධ්‍යට තර්ජනය කරන, අත්තනෝමතික "ගෝත්‍රික බයි මානසික බල උමතුව" යළිත් කරපින්නා ගැනීම නොවේද?

 "මාධ්‍යට තර්ජනය කිරීමෙන් සහ තොරතුරු සඟවා තැබීමෙන් කිසිදු ආණ්ඩුවකට තමන්ගේ අසාර්ථකත්වය හෝ බලයේ අදූරදර්ශී බව වසා ගත නොහැක."

 

press freedom

 

ප්‍රජාතන්ත්‍රවාදයේ හුස්ම හිරකරමින්, ස්වාධීන මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීමට දරන මේ ක්‍රියාකලාපයට එරෙහිව සමස්ත ජනමාධ්‍ය ප්‍රජාව, විපක්ෂයේ සක්‍රීය මැදිහත්වීම මෙන්ම අවධියෙන් සිටින මහජනතාව ද එකපෙළට නැගී සිටිය යුතු කාලය එළඹ ඇත.

488086051 1988844138188082 4953817554764267128 n 1

 

 

 

Crishaantha Subhaash

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න