Language Switcher

V2025

ශානිගේ ජීවිතය අනතුරේ !

දේශපාලන සිරකරුවකු ලෙස බන්ධනාගාරගත රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර බරපතල ජිවිත අවධානමකට ලක්ව සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

බන්ධනාගාරගතව සිටින ශානි අබේසේකරව හෘද සැත්කමක් සඳහා  කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඊයේ දිනයේ හදිසි සැත්කමක් සිදුකර ඇති අතර එය අවසන් වී පැය 24ක් ගත වීමටත් ප්‍රථම ඔහුව නැවත බන්ධනාගාරගත කරන ලෙස රෝහල් බලධාරීන්ට ඉහලින් නියෝග කර ඇතැයි වාර්තාවේ. 

මෙම නියෝගය අද උදෑසනම ලබා දී  තිබෙන්නේ වැඩ බලන සෞඛ්‍ය අමාත්‍යය මහාචාර්ය චන්න ජයසුමන විසින් බව ඉහත ආරංචිමාර්ග තව දුරටත් පවසයි.  

2020 නොවැම්බර් 26 හෘදයාබාධය : 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට පසුගිය වසරේ නොවැම්බර් 26 දා රාත්‍රීයේ  හදිසි හෘදයාබාධයක් ඇතිවිය. 

ඔහු ඒ අවස්ථාවේදී ද එසේ හදිසි රෝගබාධයට ලක් වුයේ, මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී කෝවිඩ් 19 ආසාධනයට ලක් වීමෙන් පසු පොළොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනයමින් සිටියදීය.  

මහර බන්ධනාගාරයේදී ඔහුව පරික්ෂා කළ විට ආසාධීතයෙක් බව තහවුරු වී තිබුන ද බලධාරීන් ඔහුව අංගොඩ IDH රෝහලට යොමු නොකොට පොළොන්නරුවේ හමුදා කඳවුරකට යැවීමට කටයුතු කළේය. ඒ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ඉල්ලීම් පවා නොතකා හරිමිනි. 

එක් දිනක් තුළ කිලෝ මීටර 600 -700 අතර දුරක් ගමන් කිරීමට බල කෙ‌රුණු ලොව එකම කොවිඩ් ආසාදිතයා ශානි අබේසේකර විය හැකි බව සමාජ මාධ්‍ය එකල වාර්තා කර තිබිණ. 

පොළොන්නරුව බලා යන අතරතුර ද ශානි අබේසේකරට හෘදයාබාධ තත්වයක් ඇති වුවත් බලධාරීන් ඔහුව රෝහලට ගෙන යාම ප්‍රතික්ෂේප කර තිබිණ. කෙසේවුවද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වහාම මැදිහත්වී, ශානිට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ හමුදා නිළධාරින් ගේ බලපෑම් නොතකා හරිමින් නොවැම්බර් 27වන සිකුරාදා ඔහුව වහාම අංගොඩ රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කරන ලදි. එදා ශානි අබේසේකරගේ ජීවිතය බේරුනේ එම මැදිහත්වීම් තුලය.   

කෙසේවුවද අද වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නොමැතිවුවද ඉහලින් ලැබෙන නියෝගමත ඔහුව රෝහලින් මුදාහැරීමට සිදුවනු ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.

ලීඩර්