විමල් පිං ඇමතියෙක් : පොහොට්ටුවේ ඊළඟ නායකයා බැසිල් !

විමල් පිං ඇමතියෙක් : පොහොට්ටුවේ ඊළඟ නායකයා බැසිල් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකයා ලෙස තම තේරීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  බව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන පොහොට්ටුව ලකුණ බැසිල් රාජපක්ෂ මහතා අදින ලද්දේ ඔහු සිරගත කර සිටියදී බවත් එහිදී ඔහු  පවසයි.

විමල් වීරවංශ  කථිකයෙක් පමණක් බවත් දේශපාලඥයකු නොවන බවත් පවසන ඔහු ‘විමල් පිං ඇමති කෙනෙක්’ යැයි ද කියා සිටී.

විමල් වීරවංශට බැසිල් රාජපක්ෂ සමග ගැටුමක් ඇතැයිද පවසන ඔහු විමල් වීරවංශට වඩා සාගර කාරියවසම් පොහොට්ටුවේ බර ඇද්ද  බවද සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න